Skip to content

පටුනට යන්න

අපේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති උපකාරවත් වන ආකාරය

අපේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති උපකාරවත් වන ආකාරය

විශේෂ කතාව

අපේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති උපකාරවත් වන ආකාරය

අප අද්දකින ප්‍රශ්න විසඳාගත හැකි ආකාරය ගැන තොරතුරු ඇතුළත් පොත් පත් සහ රූපවාහිනි වැඩසටහන් අද බොහෝ ප්‍රචලිතයි. කොහොමවුණත් වැදගත් ප්‍රශ්න රැසකට ඒවායින් පිළිතුරු ලැබී නැහැ. ඒ නිසා ‘එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගත හැකි ක්‍රමයක් තිබෙනවාද’ කියා ඔබ කල්පනා කරනවා විය හැකියි. ඇත්තෙන්ම එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දැනගත හැකි ක්‍රමයක් තිබෙනවා.

අවුරුදු දහස් ගණනක් පැරණි පොතක් වන බයිබලය තුළ එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සඳහන් වෙනවා. එවැනි ප්‍රශ්න කිහිපයක් සලකා බලන්න.

▪ අන් අය සමඟ සාමයෙන් සිටිය හැක්කේ කෙසේද?

▪ සැබෑ සතුට අත් කරගත හැක්කේ කෙසේද?

▪ ආර්ථික ප්‍රශ්න හමුවේ සාර්ථකව කටයුතු කළ හැක්කේ කෙසේද?

▪ කනස්සල්ලෙන් මිදිය හැක්කේ කෙසේද?

“අපේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති උපකාරවත් වන ආකාරය” නමැති මාතෘකාවෙන් යුත් විශේෂ කතාවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගත හැකියි. වර්ෂ 2011 මැයි මස පළමුවෙනි ඉරු දිනයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 230කට වඩා වැඩි ගණනක එම කතාව ඉදිරිපත් කරනු ලබනවා.

ඒ සඳහා සහභාගි වන්න කියා අපි ඔබටත් ආරාධනා කරන්න සතුටුයි. එය පවත්වනු ලබන ස්ථානය සහ වේලාව ගැන ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ගෙන් දැනගත හැකියි.