Skip to content

පටුනට යන්න

4. තමන්ගේම අයට සෙනෙහස නොදැක්වීම

4. තමන්ගේම අයට සෙනෙහස නොදැක්වීම

4. තමන්ගේම අයට සෙනෙහස නොදැක්වීම

‘ඔවුන් තමන්ගේම අය කෙරෙහි කිසි සෙනෙහසක් දක්වන්නේ නැහැ.’—2 තිමෝති 3:1-3.

● වේල්ස්වල පිහිටි ගෘහස්ථ සැහැසියාව පිළිබඳ විමර්ශනය කරන ආයතනයක සේවය කරන ක්‍රිස් මෙසේ පැවසුවා. “මම එක දවසක් පහර කෑමට ලක් වුණු කාන්තාවක් දැක්කා. ඒ කාන්තාව කොච්චර පහර කාලා තිබුණද කියනවා නම් මම කලින් එයාව දැකලා තිබුණත් එදා එයාව අඳුනගන්න බැරි වුණා. පහර කෑම්වලට ලක් වෙන සමහර කාන්තාවන් කොච්චර කලකිරිලා ඉන්නවද කියනවා නම් ඒ අය ඔළුව උස්සලා අනික් අය දිහා බලන්නවත් කැමති නැහැ.”

දත්තවලින් හෙළි වන්නේ කුමක්ද? එක් අප්‍රිකානු රටක දළ වශයෙන් කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් ළමා කාලේදී ලිංගික අතවරයට ලක් වී තිබෙනවා. එම රටේ කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වුණේ භාර්යාවන්ට පහර දීම සුදුසු බවට පුරුෂයන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් පිළිගෙන ඇති බවයි. නමුත් මෙසේ පහර කෑම්වලට ලක් වෙන්නේ කාන්තාවන් පමණක් නොවෙයි. කැනඩාවේ ස්වාමිපුරුෂයන් දහදෙනෙකුගෙන් තුන්දෙනෙක් පමණ තම සහකාරියන්ගෙන් පහර කෑම්වලට හෝ හිංසනයට ලක් වෙනවා.

පොදු මතය කුමක්ද? ඒ කාලේ ඉඳලා ගෘහස්ථ හිංසනය සිදු වෙලා තියෙනවා. ඒත් දැන් ඒ පිළිබඳව වැඩියෙන් අහන්න ලැබෙන්නේ ඒ ගැන විමර්ශනය කරන ආයතන හුඟක් තියෙන නිසයි.

එම මතය පිළිගත හැකිද? මෑත කාලයේදී ගෘහස්ථ හිංසනය පිළිබඳ සොයා බැලීම කඩිනමින් සිදු වුණත් ගෘහස්ථ හිංසනය අඩු වීමට එය හේතුවක් වී තිබෙනවාද? කොහෙත්ම නැහැ. ඉන් පැහැදිලි වෙන්නේ තමන්ගේම අයට ආදරය දැක්වීම මේ කාලයේ කොතරම් දුරට පිරිහී තිබෙනවාද කියායි.

ඔබ සිතන්නේ කුමක්ද? අවසාන කාලයේදී තමන්ගේම අයට ආදරය නොදක්වන අය සිටින බවට බයිබලයේ සඳහන් අනාවැකිය අද දින ඉටු වෙනවාද? (2 තිමෝති 3:1-3) පවුලේ අය කෙරෙහි ස්වභාවයෙන්ම ඇති විය යුතු ආදරය අද බොහෝ අය තුළ තිබෙනවාද?

අපි ඊළඟට සලකා බලන අවසාන කාලයට අදාළ අනාවැකිය අපේ නිවහන වන පෘථිවිය හා සම්බන්ධයි. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද කියා අපි සලකා බලමු.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අපරාධ අතරින් අඩුවෙන්ම වාර්තා වෙන අපරාධය වන්නේ ගෘහස්ථ හිංසනයයි. සාමාන්‍යයක් විදිහට ගත්තොත් ගෘහස්ථ හිංසනයට ලක් වෙන කාන්තාවක් ඒ ගැන පොලිසියට පැමිණිලි කරන්නේ සහකරු අතින් 35 වතාවක් පමණ හිංසනයට ලක් වූ පසුවයි.”—දුරකථනය ඔස්සේ උපකාර සපයන වේල්ස්හි ගෘහස්ථ හිංසනය පිළිබඳ ආයතනය වෙනුවෙන් කතා කළ කාන්තාවක්.