Skip to content

පටුනට යන්න

දුෂ්ටකම් පිටුපස කිසිවෙකු සිටිනවාද?

දුෂ්ටකම් පිටුපස කිසිවෙකු සිටිනවාද?

දුෂ්ටකම් පිටුපස කිසිවෙකු සිටිනවාද?

ලොව පුරා සිටින මිනිසුන් තිරිසනුන් මෙන් හැසිරෙමින් සිදු කරන අමානුෂික ක්‍රියා ගැන මොහොතකට සිතන්න. සමහරුන් සිතන්නේ එවැනි දේවල් සිදු වන්නේ මිනිසුන් තුළ තිබෙන නපුරුකම නිසා කියායි. තවත් අය සිතන්නේ ලොව පුරා සිටින ධනවතුන් තමන් සතු බලපුළුවන්කාරකම් යොදාගෙන එවැනි දේවල් සිදු කරනවා කියායි. එවන් ක්‍රියාවලට වග කිව යුත්තේ ලොව පුරා සිටින දේශපාලන නායකයන් කියා සිතන පිරිසක්ද සිටිනවා.

ඊට වඩා හාත්පසින්ම වෙනස් අදහස් දරන අයද සිටිනවා. එනම් මේ සියල්ල පිටුපස අපට වඩා බලවත් නොපෙනෙන බලවේගයක් සිටිය යුතුයි කියා ඇතැමුන් සිතනවා. වර්ෂ 1994දී රුවන්ඩාවේ සිදු වූ අමානුෂික ඝාතන ගැන එක්සත් ජාතීන්ගේ හමුදාවේ අණ දෙන නිලධාරියා මෙසේ පැවසුවා. “මේක නම් යක්ෂයාගේ වැඩක්.” “යක්ෂයෙක් ඉන්නවා කියලා කෙනෙක් පිළිගන්නේ නැත්නම් රුවන්ඩාවට ඇවිත් මේ සිදු වෙලා තියෙන සමූල ඝාතන දිහා බලන්න” කියා තවත් කෙනෙක් පැවසුවා. ඇත්තටම ඒ දේවල් පිටුපස යක්ෂයෙක් සිටියාද?

ඔබ සිතන්නේ කුමක්ද? දිනෙන් දින දුෂ්ටකම් සහ දුක් වේදනාවන් වැඩි වැඩියෙන් සිදු වන්නේ ඇයි? සමාජයට අනතුරක් තිබෙන බව පෙනි පෙනීත් මිනිසුන් ඉවක් බවක් නොමැතිව විනාශකාරී ක්‍රියාවල නියැලෙන්නේ ඇයි? මේ සියල්ලට වග කිව යුතු කෙනෙක් සිටිනවාද? ඇත්තටම අද ලෝකය පාලනය කරන්නේ කවුද? ඒ ගැන අපි ඉදිරි ලිපිවලින් සලකා බලමු.