Skip to content

පටුනට යන්න

බොරු චෝදනාවලට භය වෙන්න එපා

බොරු චෝදනාවලට භය වෙන්න එපා

යොවුන් ඔබට

බොරු චෝදනාවලට භය වෙන්න එපා

යෝසෙප්—2වෙනි කොටස

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අතීතයේ සිදු වූ සැබෑ සිද්ධීන් බයිබලයෙන් කියවන විට ඔබත් එහි සිටියා කියා සිතන්න.

ප්‍රධාන චරිත: යෝසෙප්, පොතිෆර් සහ ඔහුගේ බිරිඳ

සාරාංශය: කිසිම සාධාරණ හේතුවක් නොමැතිව යෝසෙප්ට සිරදඬුවම් විඳින්න සිදු වුණා. නමුත් යෙහෝවා දෙවි ඔහුව අත්හැරියේ නැහැ.

1 සිතින් මවාගන්න.උත්පත්ති 39:7, 10-23 දක්වා කියවන්න.

පොතිෆර්ගේ බිරිඳ යෝසෙප් ගැන බොරු කියා කෑගැසූ අවස්ථාවේදී ඇය ක්‍රියා කළ ආකාරය ඔබට සිතින් මවාගත හැකිද?

․․․․․

සිරගෙය මොන වගේ එකක් වෙන්න ඇද්ද?

․․․․․

සිරගෙදර ගිය මුල් දවස්වල යෝසෙප්ට මොන වගේ දේවලට මුහුණ දෙන්න සිදු වෙන්න ඇද්ද? (ගීතාවලිය 105:17, 18 කියවන්න.)

․․․․․

2 තවත් ගැඹුරට සිතන්න.

සිරගෙදර සිටියදී යෝසෙප්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අඩු වී තිබුණා නම් ඔහු මොන වගේ නිගමනවලට එළඹෙන්න තිබුණාද? (යෝබ් 30:20, 21 කියවන්න.)

․․․․․

සිරදඬුවම් විඳීමට සිදු වීම ගැන යෝසෙප්, යෙහෝවා දෙවිට දොස් නැඟුවේ නැහැ කියා පැවසිය හැක්කේ ඇයි? (උත්පත්ති 40:8; 41:15, 16 කියවන්න.)

․․․․․

අසාධාරණ ලෙස සිරදඬුවම් විඳීමට සිදු වුණත් එය දරාගැනීමට යෝසෙප්ට කුමන ගුණාංග උපකාරවත් වෙන්න ඇද්ද? (මීකා 7:7; ලූක් 14:11; යාකොබ් 1:4 කියවන්න.)

․․․․․

සිරගෙදර සිටියදී යෝසෙප් කුමනාකාර පුහුණුවක් ලබන්න ඇද්ද? එම පුහුණුව ඔහුට පසු කාලයේදී කෙසේ ප්‍රයෝජනවත් වෙන්න ඇද්ද? (උත්පත්ති 39:21-23; 41:38-43 කියවන්න.)

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද කියා ලියන්න.

විඳදරාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන.

․․․․․

අසීරු අවස්ථාවලට මුහුණ දීමෙන් ලැබෙන පුහුණුව.

․․․․․

පීඩා දරාගැනීමට යෙහෝවා දෙවිගෙන් ලැබෙන උපකාරය.

․․․․․

මේ ගැනත් සිතන්න.

ඔබ තනිවෙලා කියාත් ප්‍රශ්න රැසකට මැදිවෙලා කියාත් හැඟී තිබෙනවාද? එවැනි අවස්ථාවක යෙහෝවා දෙවි ඔබට උපකාර කළේ කෙසේද? (1 කොරින්ති 10:13 කියවන්න.)

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබ ළඟ බයිබලයක් නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලයක් ලබාගන්න. එසේත් නැත්නම් www.watchtower.org වෙබ් අඩවියට පිවිසෙන්න.