සත්‍යය දැනගැනීම සතුටට හේතුවක්
සත්‍යය දැනගැනීම සතුටට හේතුවක්
දෙවි සම්බන්ධයෙන් උගන්වා ඇති සමහර අසත්‍යය ඉගැන්වීම් කිහිපයක් අප කලින් ලිපිවලින් සලකා බැලුවා. සමහරවිට ඔබ එම ඉගැන්වීම් ගැන අසා ඇති. නැත්නම් ඒවා ඉගෙනගෙන ඇති. ඔබ බොහෝ කාලයක් තිස්සේ එම ඉගැන්වීම් විශ්වාස කළ කෙනෙක් නම් ඒවා බොරුයි කියා පිළිගැනීමට ඔබ අකමැති විය හැකියි.
බොහෝදෙනෙකුට එසේ හැඟී තිබෙනවා. සමහර ආගමික නායකයන් පවසන්නේ තමන් උගන්වන දේවල් බයිබලය සමඟ සැසඳීමෙන් වළකින්න කියායි. තවත් අය පවසා තිබෙන්නේ බයිබලයේ සඳහන් තොරතුරු එතරම් අධ්‍යාපනයක් ලබා නැති අයට තේරුම්ගන්න බැහැ කියායි. නමුත් යේසුස්ගේ මුල් අනුගාමිකයන් අතරින් බොහෝදෙනෙක් වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ සාමාන්‍ය මිනිසුන් වුණත් යේසුස් ඉගැන්වූ දේවල් ඔවුන් පහසුවෙන්ම තේරුම්ගත්තා.—ක්‍රියා 4:13.
තමන්ගේ විශ්වාසයන් නිවැරදිද කියා සොයා බැලීමට පෙලඹෙන්නේ ඒවා කෙරෙහි පූර්ණ විශ්වාසයක් නැති අය කියා ඔබට සිතෙනවා විය හැකියි. නමුත් ඔබේ විශ්වාසයන් හරිද වැරදිද කියා බයිබලයෙන් සොයා බැලීම ගැන දෙවි අසතුටු වෙයි කියා ඔබ සිතනවාද? දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ ඔහු සඳහන් කර තිබෙන්නේ බයිබලයේයි. අප ඒවා සොයා බලනවට ඔහු අකමැති වෙයිද? කොහෙත්ම නැහැ. ‘දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගන්න’ කියා බයිබලයේම දිරිගන්වා තිබෙනවා.—රෝම 12:2.
ඔබ දෙවි ගැන සත්‍යය ඉගෙනගත යුත්තේ දැනුම ලබාගැනීමට පමණක් නොව ඒවා අදාළ කරගැනීමෙන් සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට ඉන් හැකියාව ලැබෙන නිසයි. (යොහන් 8:32) මෙම ලිපි මාලාවේ මුල්ම ලිපියේ සඳහන් කළ ඩිඈන් මෙසේ පැවසුවා. “බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ තමයි මට තේරුණේ ඒකේ තියෙන දේවල් කොච්චර පැහැදිලිද කියලා. දෙවිගේ නම යෙහෝවා කියලත් ඔහු ප්‍රේමණීය පියෙක් කියලත් දැන් මම දන්නවා. ඇත්තටම මම දැන් ජීවිතයේ නියම සතුට භුක්ති විඳිනවා.”
ඔබ බයිබලය අධ්‍යයනය කර තිබුණත් ඉන් ජීවිතයට කිසිම ප්‍රයෝජනයක් නැහැ කියා ඔබට හැඟී ඇති. නමුත් ඒ සඳහා ඔබ දරන උත්සාහය අත්හරින්න එපා. කෙනෙකුට දෙවි ගැන බොරු උගන්වා තිබෙනවා නම් බයිබලයේ සඳහන් දේවල් තේරුම්ගැනීම පහසු වෙන්නේ නැහැ. උදාහරණයකට, ඔබ යම් ප්‍රහේලිකාවක් පිරවීමට උත්සාහ කරනවා කියා සිතන්න. නමුත් ඒ සඳහා ඔබට ලැබී තිබෙන ඉඟි නිවැරදි ඒවා නොවෙයි නම් ඔබට එම ප්‍රහේලිකාව සම්පූර්ණ කිරීමට හැකි වන්නේ නැහැ. නමුත් අපට නිවැරදි ඉඟි ලැබුණොත් එම ප්‍රහේලිකාව සම්පූර්ණ කළ හැකියි. ඒ හා සමානව ඔබ බයිබලය අධ්‍යයනය කර දෙවි ගැන සත්‍යය ඉගෙනගනිද්දී ජීවිතය සතුටින් ගත කිරීමට හැකි වෙනවා.
දෙවි ගැන සත්‍යය දැනගැනීමට ඔබ කැමතිද? ඒ සඳහා ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වීමට ඔබට හැකියි. එසේ නැත්නම් මෙම සඟරාවේ හතරවෙනි පිටුවේ සඳහන් ලිපිනයකට ලියන්න.
[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගන්න.’—රෝම 12:2.