මෙතරම් ස්වාභාවික විපත් සිදු වෙන්නේ ඇයි?
ස්වාභාවික විපත් ගැන ප්රවෘත්ති නිතරම අසන්න හෝ දකින්න ලැබෙනවා. බොහෝ මිනිස්සු ඒවායෙහි ගොදුරු බවට පත් වෙනවා. ස්වාභාවික විපත් ගැන පර්යේෂණ කරන ආයතනයක වාර්තාවලට අනුව 2010දී පමණක් ස්වාභාවික විපත් 373ක් සිදු වී තිබෙන අතර 2,96,000දෙනෙකුගේ ජීවිත ඒ නිසා අහිමි වී තිබෙනවා.
වර්තමානයේ ස්වාභාවික විපත් සිදු වන ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට තිබෙනවා. උදාහරණයකට, 1975 සිට 1999 දක්වා කාලය තුළ වසරකට සාමාන්‍යයක් ලෙස ස්වාභාවික විපත් වාර්තා වී තිබුණේ 300ක් පමණ වුණත් 2000 සිට 2010 දක්වා අතර කාලයේදී එය 400ක් දක්වා වැඩි වී තිබෙනවා. වර්තමානයේදී ස්වාභාවික විපත් මෙතරම් ප්‍රමාණයක් සිදු වෙන්නේ ඇයි කියා සමහරවිට ඔබත් කල්පනා කරනවා ඇති.
ස්වාභාවික විපත් දේවශාපයක් ලෙස සලකන්න බොහෝදෙනෙක් පෙලඹුණත් ඇත්තටම දෙවි එලෙස මිනිසුන්ට දඬුවම් කරන්නේ නැහැ. මේ කාලයේදී බොහෝ ව්‍යසන සිදු වන බව බයිබලයේද වාර්තා වී තිබෙනවා. උදාහරණයකට, මතෙව් 24:7, 8හි යේසුස් පැවසූ දේ මෙසේ සඳහන් වෙනවා. “එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි. ඒ සියල්ල දරුණු විපත්වල ආරම්භයක් පමණයි.” යේසුස් එසේ පැවසුවේ ඇයි? යේසුස් පැවසූ දේ අවබෝධ කරගැනීම අපට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
යේසුස් එසේ පැවසුවේ ඔහුගේ ගෝලයන් ඔහුගෙන් ඇසූ මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙසයි. “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?” (මතෙව් 24:3) අප ඉහත සඳහන් කළ ව්‍යසන ඇතුළු තවත් බොහෝ දේ සිදු වන බව යේසුස් ඒ අවස්ථාවේදී පැවසුවා. ඉන්පසු ඔහු මෙම වැදගත් අදහස ඉදිරිපත් කළා. “ඔබ මේ දේවල් සිදු වෙනවා දකින විට දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න.” (ලූක් 21:31) වර්තමානයේ සෑම තැනම සිදු වන ස්වාභාවික විපත්වලින් පැහැදිලි වෙන්නේ අනාගතයේදී විශාල වෙනසක් සිදු වීමට නියමිත බවයි.
විපත් ඇති වීමට හේතු
ස්වාභාවික විපත්වලට වග කිව යුත්තේ දෙවි නොවෙයි නම් ඊට වග කිව යුත්තේ කවුද කියා බොහෝ අය අසනවා. මේ ලෝකය පාලනය කරන්නේ කවුද කියා දැනගැනීමෙන් ඊට පිළිතුරු 1 යොහන් 5:19) ඉන් පැහැදිලි වෙන්නේ අද මුළු පොළොවම දුෂ්ටයාගේ එනම් යක්ෂයාගේ පාලනය යටතේ පවතින බවයි. (එළිදරව් 12:9, 12) ඒ නිසා ස්වාභාවික විපත්වලට දෙවිට දොස් නැඟීම සාධාරණ නැහැ.
සොයාගත හැකියි. බයිබලයේ සඳහන් වෙන්නේ ‘මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙනවා’ කියායි. (තමන් ගැන පමණක් සිතන යක්ෂයා මිනිසුන්ව සලකන්නේ කිසිම වටිනාකමක් නැති අය ලෙසයි. මේ ලෝකය පාලනය කරන්නේ ඔහු නිසා ඔහුගේ එම ආකල්පය මිනිසුන් තුළත් ඇති කර තිබෙනවා. ‘අවසාන කාලයේදී තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු’ මිනිසුන් සිටින බව බයිබලයේ කලින්ම පවසා ඇති දේ සත්‍යය බව ඉන් මනාව පැහැදිලි වෙනවා. (2 තිමෝති 3:1, 2) ඒ නිසා ලොව පුරා දුෂ්ට ගතිගුණ ඇති මිනිසුන් වැඩි වීම ගැන අප පුදුම නොවිය යුතුයි. යක්ෂයා මිනිසුන් තුළ ඇති කරන ආත්මාර්ථකාමී හා කෑදරකම වැනි ගතිගුණ නිසා මිනිසුන් අන් අයට හානි කිරීමට පෙලඹෙනවා.
එවැනි ගතිගුණ ස්වාභාවික විපත් ඇති වීමට බලපාන්නේ කොහොමද? ලොව පුරා සිදු වන ස්වාභාවික විපත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. “ජනගහන වර්ධනය නිසා දැන් දැන් ජනයා ජලය බැස යෑමට තිබෙන පහත් බිම්වල වැඩියෙන් පදිංචි වෙනවා. කැලෑ එළි කිරීමට අමතරව තෙත් බිම් විනාශ කිරීම නිසා ආපදා පාලනය කිරීමට පරිසරයට ඇති ඉඩකඩ අඩු වී තිබෙනවා. ඒ වගේම විෂ වායුන් පරිසරයට මුදාහැරීම වැඩි වී තිබෙන නිසා දේශගුණික විපර්යාසයන් සිදු වන අතර මුහුදු ජලයද ඉහළ ගොස් තිබෙනවා.” ජනතාවගේ ආර්ථික තත්වය දියුණු කිරීම වෙනුවෙන් මෙවැනි ක්‍රියා සිදු කරන බව පැවසුවත් ඇත්තටම ඊට හේතුව මිනිසා තුළ තිබෙන ආත්මාර්ථකාමීකම හා කෑදරකමයි.
ස්වාභාවික විපත් මගින් වර්තමානයේ මෙතරම් දරුණු හානි සිදු වෙන්නේ මිනිසුන් ඉවක්බවක් නොමැතිව සිදු කරන ක්‍රියාකාරකම් නිසා බව දැන් විශේෂඥයන් තේරුම්ගෙන තිබෙනවා. සැබවින්ම සිදු වී තිබෙන්නේ මිනිසුන්ව විනාශ කිරීමට යක්ෂයාට තිබෙන ආසාවට මිනිසුන් නොදැනුවත්වම උදව් කිරීමයි.
ඉහත සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙන එක් දෙයක් වෙන්නේ ස්වාභාවික විපත් ඇති වීමට මිනිසුන් නොසැලකිලිමත්ව ක්‍රියා කිරීමත් හේතු වන බවයි. සමහරවිට ස්වාභාවික විපතක් ඇති වන ස්ථානය අනුවද ඉන් සිදු වන හානියේ බරපතළකම තීරණය වෙනවා. බොහෝ අවදානම් සහිත ප්‍රදේශවල වැඩි ජනගහනයක් පදිංචි වී සිටින්නේ දුප්පත්කම නිසා හා වෙනත් විකල්පයක් නොමැතිකම නිසයි. ඊට අමතරව සමහර අය විපත්වලට මුහුණ දෙන්නේ දුෂ්ට මිනිසුන්ගේ ක්‍රියාකලාපය නිසා නොව ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සිදු වන’ නිසයි.—දේශනාකාරයා 9:11.
ඉහත සඳහන් කුමන හෝ හේතුවක් නිසා සමහරවිට අපටත් ස්වාභාවික විපතකට මුහුණ දීමට සිදු විය හැකියි. ඊට සූදානම්ව සිටිය හැක්කේ කොහොමද? අපි එය ඊළඟ ලිපියෙන් සලකා බලමු.