Skip to content

පටුනට යන්න

යේසුස් ක්‍රිස්තුස්ව ඔබ දකින්නේ කවුරුන් හැටියටද?

යේසුස් ක්‍රිස්තුස්ව ඔබ දකින්නේ කවුරුන් හැටියටද?

යේසුස් ක්‍රිස්තුස්ව ඔබ දකින්නේ කවුරුන් හැටියටද?

ඔහු තවමත් බිලිඳෙක්ද, නිකම්ම දුක් විඳ මිය ගිය මිනිසෙක්ද එසේත් නැතිනම් රජ කෙනෙක්ද?

බයිබලයේ සඳහන් වන්නේ යේසුස් බලවත් රජ කෙනෙකු කියායි. එය ඔබට බලපාන්නේ කොහොමද?

යේසුස් ඔහුගේ ජීවිතය පූජා කිරීම නිසා තමන්ට ගැලවීම ලැබෙන බව බොහෝදෙනා විශ්වාස කරනවා. නමුත් වසර 2,000කට පමණ කලින් මිය ගිය කෙනෙක් නිසා අද සිටින සියලුදෙනාට ගැලවීම ලැබෙයිද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවේදී එම ප්‍රශ්නවලට පිළිතුරු සාකච්ඡා කරනවා. මෙම වසරේදී ඔවුන් එය සමරන්නේ අප්‍රියෙල් පස්වන බ්‍රහස්පතින්දා හිරු බැස යෑමෙන් පසුවයි. ඊට සහභාගි වන ලෙස අප ඔබටත් ආරාධනා කරනවා.

යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන වේලාව සහ ස්ථානය දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වන්න.

යේසුස්ගේ මරණය සිහි කරන දිනයෙන් පසුව යෙදෙන සති අන්තයේදී සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් විශේෂ කතාවක් ඉදිරිපත් කරනවා. එහි තේමාව “අප ජීවත් වන්නේ විනාශය අද්දරද?” යන්නයි. එම කතාව ලොව පුරා ඉදිරිපත් කරන අතර විශේෂයෙන්ම එය සකස් කර තිබෙන්නේ යේසුස් ගැන සත්‍ය තොරතුරු ඉගෙනගැනීමට ආශාවෙන් සිටින අය සඳහායි. එම කතාවටත් සවන් දීමට පැමිණෙන මෙන් අප ඔබට ආරාධනා කරනවා.