යේසුස් පැවසුවේ කුමක්ද?
යේසුස් පැවසුවේ කුමක්ද?
ආගම, දේශපාලනය හා සම්බන්ධ විය යුතුයි කියා බොහෝදෙනා විශ්වාස කරනවා. මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමට ආගමට පුළුවන් කියා ඔවුන් සිතනවා. නමුත් ආගම දේශපාලනයට සම්බන්ධ නොවිය යුතුයි කියා සිතන පිරිසක්ද සිටිනවා. ඔබ සිතන්නේ කුමක්ද? මිනිසුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් කරන ආගම හා දේශපාලනය එක්ව වැඩ කළ යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද?
ක්‍රිස්තියානි ධර්මයේ නායකයා වන යේසුස් පොළොවේ සිටි කාලයේදී එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. තම අනුගාමිකයන් සමාජයේ යහපතට දායක විය යුතු ආකාරය ගැන ඔහු සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී පැවසුවා.
සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරන්න
තම අනුගාමිකයන් සමාජයේ යහපත වෙනුවෙන් කළ යුතු දේ ගැන යේසුස් මෙසේ පැහැදිලි කළා. “ඔබ පොළොවෙහි ලුණු හා සමානයි. නමුත් ලුණුවල ලුණු රසය නැති වුණොත් එය නැවත ඇති කරන්නේ කොහොමද? පිටතට විසි මතෙව් 5:13-16) යේසුස් තම අනුගාමිකයන්ව ලුණුවලට සහ ආලෝකයට සමාන කළේ ඇයි?
කරනු ලැබීමට මිස එය වෙන කිසිම දෙයකට ප්‍රයෝජනවත් වන්නේ නැහැ. අන්තිමේදී එය මිනිසුන්ගේ පයට පෑගී යයි. ලෝකයේ ආලෝකය ඔබයි . . . ඔබත් ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.” (යේසුස්ගේ අනුගාමිකයන්, සුළු පිරිසකට නොව සෑමදෙනාටම යහපත් දේවල් කළ යුතු බව යේසුස් ඉහත සඳහන් කළ දෙයින් පැහැදිලියි. ඔහු යොදාගත් උදාහරණ දෙකෙන් අදහස් වන්නේ තම අනුගාමිකයන් මිනිසුන් සමඟ ජීවත් වෙමින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවයි.
ආහාර නරක් නොවී කල් තබාගැනීමට ලුණු යොදාගන්නවා. නමුත් ලුණුවලින් අදාළ කාර්යය කරගැනීමට නම් එය ආහාරවලට එකතු කළ යුතුයි. එමෙන්ම පහනකින් කාමරයට ආලෝකය ලබාගැනීමට නම් එය කාමරයේ තිබිය යුතුයි. ඒ හා සමානව යේසුස්ගේ අනුගාමිකයන් සමාජයේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට නම් ඔවුන් මිනිසුන් සමඟ සිටිය යුතුයි. තම අනුගාමිකයන් කාත් කවුරුවත් නැති ප්‍රදේශයකට ගොස් ජීවත් විය යුතුයි කියා යේසුස් කිසිවිටෙකත් නොපැවසුවේ ඒ නිසයි.
‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’
ලුණු සහ ආලෝකය සම්බන්ධයෙන් යේසුස් පැවසූ දෙයින් අදහස් කළේ ඔහුගේ අනුගාමිකයන් දේශපාලනයට හවුල් විය යුතු බවද? තම අනුගාමිකයන් වෙනුවෙන් යේසුස් කළ මෙම යාච්ඤාවෙන් ඊට පිළිතුර දැනගත හැකියි. “මම ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්න කියා නොවෙයි. නමුත් දුෂ්ටයාගේ බලපෑමෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න කියායි. මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.” (යොහන් 17:15, 16) මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිමින් සමාජයේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න යේසුස්ගේ අනුගාමිකයන්ට පුළුවන් කොහොමද? එය දැනගැනීමට මුලින්ම පහත ප්‍රශ්න තුනට පිළිතුරු බලමු.
• යේසුස් දේශපාලනයට සම්බන්ධ වුණාද?
• ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ විය යුතුද?
• ක්‍රිස්තියානීන් සමාජයට යහපතක් කරන්නේ කොහොමද?
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
තම අනුගාමිකයන් කාත් කවුරුවත් නැති තැනක ජීවත් විය යුතුයි කියා යේසුස් පැවසුවේ නැහැ