Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

අතීතයේ සිටි මිනිසුන් බදාම වෙනුවට තාර භාවිත කළේ ඇයි?

බාබෙල් කියා හැඳින්වූ කොත ගොඩනඟන්න “ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට තාරද භාවිත” කළ බව බයිබලයේ සඳහන් වෙනවා.—උත්පත්ති 11:3.

බිටුමන් ලෙස හඳුන්වන එම තාර විශේෂය ඇති වන්නේ ස්වභාවිකවයි. මෙසපොතේමියාවෙන් එය බහුල ලෙස සොයාගැනීමට හැකි වුණා. එම තාර විශේෂය පොළොවෙන් උඩට මතු වී ඝන ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. එය ඇලෙන සුළු ද්‍රව්‍යයක්. ගඩොල්වලින් සෑදූ බිත්තිවල බදාම ලෙස ඒවා යොදාගත්තා.

මෙසපොතේමියාවේ ඌර් නගරයේ මෑතකදී කළ පරීක්ෂණයකින් සොයාගත් තොරතුරු ගැන එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. “බිටුමන් තාර විශේෂය යොදාගෙන සාදා තිබෙන කොතක නටඹුන්වල තවමත් එම තාර දකින්න තිබෙනවා. අතීතයේදී එම ස්වාභාවික සම්පත ඒ ප්‍රදේශවල සමෘද්ධියට හේතු වුණා. නමුත් වර්තමානයේ තෙල් සෑදීමට එම ස්වාභාවික සම්පත යොදාගන්නා නිසා බොහෝ දේශපාලන අරගල ඇති කිරීමට එය හේතු වී තිබෙනවා. සවි ශක්තියෙන් අඩු සුමේරියාවේ ගඩොල් යොදා සෑදූ ගොඩනැඟිලි ශක්තිමත් කිරීමටත් පාරවල් සඳහාත් එම තාර යොදාගත්තා. ඒවා වසර දහස් ගණනක් පැවතුණේ ඒ නිසයි.”

ඈත අතීතයේ කඩදාසි හැදුවේ කොහොමද?

“ඔබට කීමට බොහෝ දේ මට තිබුණත් කඩදාසියෙන් සහ තීන්තෙන් එසේ කිරීමට මා තුළ කැමැත්තක් නැත” කියා බයිබල් ලේඛකයෙක් වන යොහන් සඳහන් කරනවා.—2 යොහන් 12.

බයිබලයේ “කඩදාසි” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ “පැපිරස්” යන්නයි. පැපිරස් ලෙස හඳුන්වන්නේ ජලජ පැළෑටියක්. පැපිරස් පැළෑටියෙන් කඩදාසි සාදාගන්නා ආකාරය ගැන පොතක මෙසේ සඳහන් වුණා. “මුලින්ම පැපිරස් පැළෑටියේ දණ්ඩෙන් තුනී තීරු කපාගන්නවා. එම තීරු පිළිවෙළකට තබා අලවාගන්නවා. එලෙස අලවාගත් තවත් කොටසක් ඒ මත හරහට තබා හොඳින් තලාගන්නවා. පසුව එය සුමට කරගන්නවා.”

ඊජිප්තුවෙන් සහ මළ මුහුද අවටින් පුරාණ පැපිරස් ලියවිලි රාශියක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. පළමු සියවසේ සහ ඊට පෙර ලියූ ඒවාද ඒ අතර වුණා. බයිබලයේ ඇති පොත් ලිවීමටද පැපිරස් කඩදාසි යොදාගත් බවට කිසිම සැකයක් නැහැ.

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Spectrumphotofile/ photographersdirect.com

© FLPA/David Hosking/age fotostock