Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරු සොයමු

දේවදූතයන් සහ භූතයන් කියන්නේ කාටද?

දේවදූතයන් සහ භූතයන් කියන්නේ කාටද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පදද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. දේවදූතයන් කියන්නේ කාටද?

දෙවියන් ස්වර්ගයේ ජීවත් වෙන්න නිර්මාණය කළ අයව හඳුන්වන්නේ දේවදූතයන් කියලා. ඒ අය මිනිසුන්ට වඩා හුඟක් බලවත්. දෙවියන් දේවදූතයන්ව නිර්මාණය කළේ පොළොව නිර්මාණය කරන්න හුඟක් කාලයකට කලින්. (යෝබ් 38:4, 7; මතෙව් 18:10) ස්වර්ගයේ දේවදූතයන් මිලියන ගාණක් ඉන්නවා.ගීතාවලිය 103:20, 21; දානියෙල් 7:9, 10 කියවන්න.

2. දේවදූතයන් මිනිසුන්ට උදව් කරනවාද?

අතීතයේ ජීවත් වුණ ලොත් නමැති පුද්ගලයාට දේවදූතයන් උදව් කළා. ලොත් ජීවත් වුණ නගරයේ හුඟක් නරක මිනිස්සු හිටිය නිසා ඒ නගරය විනාශ කරන්න දෙවි තීරණය කළා. ඒ නිසා ලොත්ටත් එයාගේ පවුලේ අයටත් ඒ නගරයෙන් යන්න කියලා දේවදූතයන් දෙන්නෙක් කිව්වා. ලොත්ගේ පවුලේ අය දේවදූතයන් කිව්ව දේට කීකරු වුණ නිසා ඒ අයගේ ජීවිත බේරුණා.උත්පත්ති 19:1, 13-17, 26 කියවන්න.

දෙවිගේ රාජ්‍යය ගැන පණිවිඩය මිනිසුන්ට කියද්දී අදත් දේවදූතයන්ගේ මඟ පෙන්වීම් ලැබෙනවා. (මතෙව් 24:14) ඒ පණිවිඩයට අනතුරු ඇඟවීමක් ඇතුළත්. ඒක අපි කවුරුත් සැහැල්ලුවට ගන්න හොඳ නැහැ.එළිදරව් 1:1; 14:6, 7 කියවන්න.

ඒ විතරක් නෙමෙයි අපි පීඩාවලට මුහුණ දෙන කොටත් දෙවියන් දේවදූතයන් මාර්ගයෙන් අපිව ශක්තිමත් කරනවා. යේසුස් පීඩාවලට මුහුණ දෙද්දීත් දෙවියන් දේවදූතයන්ව යොදාගෙන ඔහුව ශක්තිමත් කළා.ලූක් 22:41-43 කියවන්න.

වැඩිකල් යන්න කලින් මේ පොළොවේ ඉන්න දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්නත් දෙවියන් දේවදූතයන්ව යොදාගන්නවා. ඊට පස්සේ අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන්.2 තෙසලෝනික 1:6-8 කියවන්න.

3. භූතයන් කියන්නේ කාටද?

ස්වර්ගයේ හිටිය සමහර දේවදූතයන් දෙවිට අකීකරු වුණා. (2 පේතෘස් 2:4) ඒ අයට තමයි භූතයන් කියන්නේ. භූතයන්ගේ නායකයා විදිහට වැඩ කරන්නේ යක්ෂයා. එයා භූතයන්ව එකතු කරගෙන මිනිසුන්ව රවට්ටනවා.එළිදරව් 12:9 කියවන්න.

මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන්න යක්ෂයා කූට ව්‍යාපාර, මිනිස් ආණ්ඩු සහ අසත්‍යය උගන්වන ආගම් පාවිච්චි කරනවා. අද සිද්ධ වෙන හැම දුෂ්ටකමකටම වග කියන්න ඕනේ යක්ෂයා මිසක් වෙන කවුරුත් නෙමෙයි.1 යොහන් 5:19 කියවන්න.

4. භූතයන් මිනිසුන්ව නොමඟ යවන්නේ කොහොමද?

මිනිස්සු මැරුණට පස්සේ එයාලගේ ආත්මය සැරිසරනවා කියලත් ඒ ආත්මයට මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් කියලත් හිතන්න යක්ෂයා මිනිසුන්ව පොලඹවනවා. හැබැයි කෙනෙක් මැරුණට පස්සේ එයාට කිසිම දෙයක් කරන්න බැහැ කියලා බයිබලයේ පැහැදිලිව කියලා තියෙනවා. (දේශනාකාරයා 9:5) මැරුණ අයගේ කටහඬවල්වලින් කතා කරන්නේ භූතයන්. (යෙසායා 8:19) භූතවාදී දේවල්, ශාස්ත්‍ර, ජ්‍යෝතිඃ ශාස්ත්‍රය වගේ දේවලිනුත් භූතයන් මිනිසුන්ව රවට්ටනවා. ඒ කිසිම දේකට සම්බන්ධ වෙන්න එපා කියලා දෙවියන් අපිට කියලා තියෙනවා. ඒ නිසා ඒවට සම්බන්ධ කිසිම දෙයක් අපි ළඟ තියාගන්න හොඳ නැහැ.ද්විතීය කතාව 18:10, 11; ක්‍රියා 19:19 කියවන්න.

අපි සැබෑ දෙවි වන යෙහෝවාට කීකරු වෙනවා නම් භූතයන්ට බය වෙන්න ඕන නැහැ. යක්ෂයාටත් භූතයන්ටත් වඩා යෙහෝවා දෙවි හුඟක් බලවත්. දෙවි කැමති විදිහට අපි ජීවත් වෙද්දී යක්ෂයා අපෙන් ඈත් වෙනවා. අවශ්‍ය වෙලාවට දේවදූතයන්ව යොදාගෙන අපිව ශක්තිමත් කරන්න දෙවිට පුළුවන්.ගීතාවලිය 34:7; යාකොබ් 4:7, 8 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 10වන පරිච්ඡේදය බලන්න.