Skip to content

පටුනට යන්න

යාච්ඤා අසන කෙනෙක් ඉන්නවාද?

යාච්ඤා අසන කෙනෙක් ඉන්නවාද?

යාච්ඤා අසන කෙනෙක් ඉන්නවාද?

“දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියලා මට පොඩි සැකයක් තිබුණා. ඒ වුණත් සමහර වෙලාවට මම යාච්ඤා කරනවා. ඒවාට ඇහුම්කන් දෙන්න කෙනෙක් ඉන්නවද නැද්ද කියලා මම දැනගෙන හිටියේ නැති වුණත් කවුරු හරි ඒවාට ඇහුම්කන් දෙනවා ඇති කියලා මම හිතුවා. මගේ ජීවිතේ කිසිම සතුටක් තිබුණෙත් නැහැ. මම හිතුවේ දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ කිසිම දෙයක් කර කියාගන්න බැරි අය විතරයි කියලා.”—අයර්ලන්තයේ පැට්‍රීෂියා. *

ඔබටත් කවදා හරි එහෙම හැඟිලා තියෙනවද? දෙවි කෙනෙක් ඉන්නවද කියන එක ගැන සැකයක් තිබුණත් ඔබ දෙවිට යාච්ඤා කරනවාද? එහෙම කරන හුඟදෙනෙක් අපි අතරේ ඉන්නවා.

▪ උදාහරණයකට බ්‍රිතාන්‍යයේ මිනිසුන් 2,200ක් සමඟ කළ සමීක්ෂණයකින් හෙළි වුණ දේ බලන්න. ඒ අය අතරින් සියයට 55දෙනෙක් ඉඳහිට හෝ දෙවිට යාච්ඤා කරනවා. නමුත් මේ විශ්වය නිර්මාණය කළ දෙවි කෙනෙක් ඉන්න බවත් ඔහු යාච්ඤාවලට ඇහුම්කන් දෙන බවත් විශ්වාස කළේ සියයට 22ක් පමණයි.

▪ මහාද්වීප හතරක සිටින මිනිසුන් 10,000ක් සමඟ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ ඉන් සියයට 30ක් දෙවි කෙනෙක්ව විශ්වාස නොකළත් යාච්ඤා කරන බවයි.

දෙවි කෙනෙක් සිටින බව සමහරු සැක කරන්නේ ඇයි?

ඇලන් පැවසූ දේ බලන්න. “මම හිතුවේ ආගම් තියෙන්නේ මිනිසුන්ව පාලනය කරන්නයි, මිනිසුන්ගේ සල්ලි හූරං කන්නයි විතරයි කියලා. ඒ නිසා මම දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. දෙවි කෙනෙක් ඉන්නවා නම් මේ තරම් දුෂ්ටකම් වෙන්න බැහැ නේද කියලා මම කල්පනා කළා. ඒත් සමහර වෙලාවට මම යාච්ඤා කරනවා. ‘ඇයි මං මේ පොළොවේ ජීවත් වෙන්නේ’ කියලා දැනගන්නත් මට ලොකු උවමනාවක් තිබුණා.”

දෙවි කෙනෙක් ඉන්නවාද කියා හුඟදෙනෙක් සැක කරන්නේ මේ වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර ලැබිලා නැති නිසයි.

▪ විශ්වය නිර්මාණය කළ කෙනෙක් ඉන්නවාද?

▪ ආගමේ මුවාවෙන් දුෂ්ටකම් සිද්ධ වෙන්නේ ඇයි?

▪ දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩහැරලා තියෙන්නේ ඇයි?

ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඔබ කැමතිද? ඒවාට උත්තර දැනගැනීමෙන් දෙවි කෙනෙක් ඉන්නවා කියන විශ්වාසය ඇතුව යාච්ඤා කරන්න ඔබට පුළුවන්.

[පාදසටහන]

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.