2වන ප්රශ්නය: මැරුණට පස්සේ වෙන්නේ මොනවාද?
රොමෑන් පොඩි කාලේදී එයාගේ යාළුවෙක් වාහනයකට හැප්පිලා මැරුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ඒක දරාගන්න මට ලේසි වුණේ නැහැ. අපි මැරුණට පස්සේ වෙන්නේ මොකක්ද කියලා එදා ඉඳන් මම කල්පනා කළා.”
එහෙම හිතෙන්නේ ඇයි?
මොන වයසක හිටියත් අපි කිසිම කෙනෙක් මැරෙන්න කැමති නැහැ. අපි ආදරය කරන කෙනෙක් මැරුණම ඒක දරාගන්න හරිම අමාරුයි. මැරුණට පස්සේ මොනවා වෙයිද කියලා හුඟක් අය කල්පනා කරනවා.
සමහර අය ඒකට උත්තර දෙන්නේ කොහොමද?
හුඟක් අය හිතන්නේ කෙනෙක් මැරුණට පස්සේ නොමියෙන දෙයක් ඉතුරු වෙනවා කියලා. හොඳ වැඩ කළ අය ස්වර්ගයට යනවා කියලත් නරක වැඩ කළ අයට අපායක හැමදාමත් දුක් විඳින්න වෙනවා කියලත් ඒ අය හිතනවා. තවත් අය හිතන්නේ කෙනෙක් මැරුණට පස්සේ එතනින් එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා.
ඔවුන් නොකියා කියන්නේ මොකක්ද?
මුල් උත්තරය දුන්නු අය හිතන්නේ කෙනෙක් මැරුණත් එයා වෙන කොහේ හරි ජීවත් වෙනවා කියලා. දෙවනි උත්තරය දුන්නු අය හිතන්නේ ජීවිතයට කිසිම අරමුණක් නැහැ කියලා. “හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියලා හිතාගෙන ඉන්න එක වඩාත් හොඳයි කියලයි ඒ අය හිතන්නේ.—1 කොරින්ති 15:32.
ඒ ගැන බයිබලයේ තියෙන්නේ මොනවාද?
කෙනෙක් මැරුණට පස්සේ යමක් ඉතුරු වෙනවා කියලා බයිබලයේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.” (දේශනාකාරයා 9:5) ඒකෙන් පැහැදිලි වෙන්නේ කෙනෙක් මැරුණට පස්සේ ඒ කෙනාට අවට සිද්ධ වෙන කිසිම දෙයක් පෙනෙන්නේවත් දැනෙන්නේවත් නැති බවයි. ජීවත්ව සිටින අයට උදව් කරන්නවත් කරදර කරන්නවත් මැරුණු අයට බැහැ.
මිනිස්සු මොන දේ විශ්වාස කළත් යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ දුක් විඳලා මැරිලා යන්න නෙවෙයි. දෙවියන් මුල් මිනිසා වූ ආදම්ව නිර්මාණය කළේ හැමදාමත් සතුටින් මේ පොළොවේ ජීවත් වීමේ හැකියාව ඇතුව. හැබැයි කන්න එපා කියපු ගහෙන් කෑවොත් ‘අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවා’ කියලත් දෙවියන් උත්පත්ති 2:17) මුල් මිනිස් යුවළ දෙවියන්ට කීකරු වුණා නම් මුළු මිනිස් වර්ගයාටම සතුටින් හැමදාමත් ජීවත් වෙන්න අවස්ථාව තිබුණා.
ආදම්ට පැහැදිලිව කියලා තිබුණා. (නමුත් ආදම්, දෙවියන් කන්න එපා කියපු ගහෙන් කෑවා. ඒ නිසා එයාට මරණය උරුම වුණා. (රෝම 6:23) ආදම් මැරුණට පස්සේ නොමියෙන දෙයක් ඉතුරු වුණේ නැහැ. දෙවියන් එයාට මෙහෙම කිව්වා. “භූමියෙන් ගන්නා ලද ඔබට, භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) අපි හැම කෙනෙක්ම පැවතෙන්නේ ආදම්ගෙන් නිසා ආදම් කරපු පාපය අපි හැමෝටම උරුම වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි හැමෝම කාලයක් ජීවත් වෙලා මැරිලා යන්නේ.—රෝම 5:12.
ආදම්, දෙවිට අකීකරු වුණත් පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කරන්න දෙවිට තිබුණු අරමුණ ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවා. (උත්පත්ති 1:28; යෙසායා 55:11) මිය ගොස් සිටින අයගෙන් හුඟදෙනෙක්ව අනාගතයේදී නැවත නැඟිටුවනවා කියලා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. ඒ ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. ‘ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා.’—ක්‍රියා 24:15.
කලින් සඳහන් කළ රොමෑන් බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්නකොට යෙහෝවා දෙවි ගැනත්, කෙනෙක් මැරුණට පස්සේ වෙන්නේ මොනවාද කියලත් දැනගත්තා. ඒක ඔහුගේ ජීවිතයට බලපෑ විදිහ ගැන මේ සඟරාවේ 11වන පිටුවේ සඳහන් වෙනවා.