Skip to content

පටුනට යන්න

හිතවත් පාඨකයෙනි

හිතවත් පාඨකයෙනි

මේ සඟරාව මුලින්ම ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන්න පටන්ගත්තේ 1879 ජූලි මාසයේදියි. කාලයත් එක්ක මේ සඟරාවෙත් හුඟක් වෙනස්කම් සිදු වෙලා තියෙනවා. (උඩ තියෙන පින්තූර බලන්න.) මේ මාසේ ඉඳලා මුරටැඹ සඟරාවේ තවත් වෙනස්කම් සිදු වෙනවා.

දැන් දැන් ගොඩක් රටවල ඉන්න මිනිස්සු පොත්, සඟරා, පත්තර කියවන්නේ ඉන්ටර්නෙට් එකෙන්. ඒකට එක හේතුවක් තමයි ඕන කරන තොරතුරු හරිම ඉක්මනට වගේම පහසුවෙන් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන් එක.

ඒ හේතුව නිසා www.pr418.com කියන අපේ නිල වෙබ් අඩවිය කාගෙත් සිත් ඇදගන්නා අලුත්ම මුහුණුවරකින් එළිදක්වන්න අපි තීරණය කළා. මේක නිර්මාණය කරලා තියෙන විදිහ නිසා එහි සැරිසරන්න හරිම පහසුයි. භාෂා 430කට වඩා වැඩි ගණනකට පරිවර්තනය කරලා තියෙන අපේ පොත් පත් මේ වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්. අපේ සඟරාවල විටින් විට පළ වුණු සමහර ලිපි මේ මාසයේ ඉඳලා අපේ වෙබ් අඩවියෙන් කියවන්න අවස්ථාව තියෙනවා. එම ලිපි මින් ඉදිරියට මේ සඟරාවේ පළ වන්නේ නැහැ. *

මේ මාසයේ ඉඳලා සමහරක් ලිපි අපේ වෙබ් අඩවියෙන් විතරක් පළ වෙන නිසා පිටු 32කින් පළ වුණු මේ සඟරාව පිටු 16කට අඩු කරන්න අපි තීරණය කරලා තියෙනවා. දැනට භාෂා 204කින් මේ සඟරාව පළ වුණත් ඒ වෙනස නිසා මෙය තව වැඩි භාෂා ගණනකට පරිවර්තනය කරන්න හැකි වෙයි කියලා අපි හිතනවා.

මේ වෙනස්කම් නිසා බයිබලයේ තියෙන ප්‍රීතිමත් ශුභාරංචිය තව බොහෝදෙනෙකුට දන්වන්න අපිට හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මාස්පතා මුද්‍රණය කරන සඟරා මාර්ගයෙනුත් අපේ වෙබ් අඩවියෙනුත් බයිබලයේ තියෙන වටිනා සත්‍යයන් පහදලා දෙන්න අපි දරන උත්සාහය අපි කිසිසේත් අත්හරින්නේ නැහැ. බයිබලයේ තියෙන දේවල් දැනගන්න කැමති හැම කෙනෙක්ම ඒවායින් ප්‍රයෝජන ලබාගන්නවා දැකීම අපේ ආශාවයි.

ප්‍රකාශකයෝ

^ 5 ඡේ. අපේ වෙබ් අඩවියෙන් විතරක් කියවන්න පුළුවන් සමහර ලිපි මේවායි. යෞවනයන්ට බයිබලයේ තියෙන තොරතුරු ගැන වැඩි අවබෝධයක් ලබාගන්න උපකාර වෙන “යොවුන් ඔබට” කියන ලිපිය හා වයස අවුරුදු තුනක් හෝ ඊට අඩු දරුවන්ට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න දෙමාපියන්ට උපකාරවත් වෙන “සිඟිත්තන්ට” කියන ලිපිය.