Skip to content

පටුනට යන්න

සත්‍යය

සත්‍යය

එළිදරව් කරන්නේ කවුද? ඔබට එය දැනගන්න පුළුවන් කොහෙන්ද?

එය දැනගැනීම ඔබටත් ඔබේ පවුලේ අයටත් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

මේ වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන තුන්දින සමුළුවට පැමිණ ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න කියා අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු.

ත්මාව:

‘දෙවියන් පවසන දේ සත්‍යයයි’

යොහන් 17:17 යේසුස් පැවසූ වදන් ඇසුරෙන්.

වැඩසටහනේ විශේෂ අංග:

“සත්‍යය? ඒ මොකක්ද?” යන බයිබල් දේශනය. දෙවිගේ වචනය වන ශුද්ධ බයිබලය විශ්වාස කරන්න අපිට පුළුවන් හේතු ගැන එම දේශනයේදී සලකා බලනවා.

වේදිකා නාට්‍යයන් බයිබලයේ සඳහන් අතීත සිද්ධීන් රඟ දක්වමින් වර්තමානයට පාඩම් කියා දෙනවා.

පැමිණිය හැක්කේ කාටද:

ඕනෑම කෙනෙක්ට පැමිණිය හැකියි. ඇතුල් වීම නොමිලේ. මුදල් එකතු කරනු නොලැබේ.

සමුළුව පවත්වන ස්ථානය හා වේලාව:

ඒ ගැන දැනගැනීමට www.pr418.com/si යන වෙබ් අඩවියට පිවිසෙන්න. (අපි ගැන/සමුළු යටතේ බලන්න)

මේ සමුළුවේ වැඩසටහන www.pr418.com/si යන වෙබ් අඩවියෙන් බැලිය හැකියි. (ප්‍රකාශන/පොත් හා මාසික නොවන සඟරා යටතේ බලන්න)