ඔබ දැන සිටියාද?
රෝම අධිරාජ්‍යය යටතේ වහල් ජීවිතය මොන වගේද?
ඒ කාලයේ යුද්ධයෙන් පරාජය වූ රටවලින් ගෙනා අයව හෝ පැහැරගත් අයව ගෙනැවිත් වහලුන් ලෙස විකුණුවා. ඔවුන්ට යළි කවදාවත් තම ගම්බිම්වලට යන්න ලැබුණේ නැහැ.
ආකරවලට දාපු වහලුන්ට මැරි මැරී වැඩ කරන්න සිදු වුණත් ගෙවල්වල හා වතුපිටිවල වැඩ කරපු වහලුන්ගේ ජීවිත එතරම් දරුණු වුණේ නැහැ. පැනලා ගියොත් අල්ලලා දෙන කෙනෙකුට ත්‍යාගයක් පිරිනමන බව සඳහන් යකඩ පටියක් හෝ කුඩා යකඩ කැබැල්ලක් සහිත යකඩ පටියක් සමහර වහලුන්ගේ බෙල්ලට දාලා තිබුණා. කීප වතාවක්ම පලා යෑමට තැත් කළ වහලුන්ගේ නළල්වල යකඩ අච්චුවකින් F අකුර (පලා යන්නන් සඳහා වූ ලතින් වචනයේ මුල් අකුර) හංවඩු ගැසීමටත් හැකිකම තිබුණා.
බයිබලයෙත් පලා ගිය වහලෙක් ගැන සඳහන් වෙනවා. ඔහුගේ නම ඔනෙසිමස්. යේසුස්ගේ නියෝජිතයෙක් වූ පාවුල් ඔනෙසිමස්ව ඔහුගේ අයිතිකරුවා වූ ෆිලෙමොන් වෙතට නැවත යැව්වා. ඔනෙසිමස්ට දරුණු ලෙස සලකන්න ෆිලෙමොන්ට අයිතිය තිබුණත් පාවුල් ඔහුගෙන් ඉල්ලා සිටියේ ඔනෙසිමස්ව මිතුරෙකු ලෙස “සාදරයෙන් පිළිගන්න” කියලයි.
දම් සායම්වලට ෆිනීෂියාව ප්‍රසිද්ධියක් ඉසිලුවේ ඇයි?
ඉපැරණි තීර් නගරය පිහිටා තිබුණේ ෆිනීෂියාවේ (අද ලෙබනනය තිබෙන ප්‍රදේශයේ). සලමොන් රජු, දම් සායම් සෑදීමට ප්‍රසිද්ධව තිබූ තීර් නගරයෙන් දක්ෂ ශිල්පියෙක්ව ගෙන්වාගෙන “රත්නිල් පැහැගැන්වූ [දම් පාට] ලොම්වලින්” දේවමාලිගාව අලංකාර කළා.
ඒ කාලයේ තිබුණු මිල අධිකම දම් සායම් වර්ගය සෑදුවේ තීර් නගරයේ. ඒකට හේතුවක් වෙන්න ඇත්තේ එය නිපදවීමට බොහෝදෙනෙකුගේ ශ්‍රමය අවශ්‍ය වීමයි. මුලින්ම මියුරෙක්ස් නම් මුහුදු බෙල්ලන් * විශාල ප්‍රමාණයක් අල්ලාගත්තා. එක ඇඳුමකට අවශ්‍ය සායම් සෑදීමට බෙල්ලන් 12,000ක් විතර අවශ්‍ය වුණා. ඊටපස්සේ බෙල්ලන්ගේ කටු ඉවත් කර දම් වර්ණය අඩංගු ග්‍රන්ථිය වෙන් කරගත්තා. සායම් හදන අය එම ග්‍රන්ථිවලට ලුණු මිශ්‍ර කර මද පවනෙත් අව්වෙත් දවස් තුනක් වේළුවා. පසුව එම මිශ්‍රණය මුහුදු වතුර දමා වැසූ භාජනයක දවස් කිහිපයක් මද ගින්නේ තැම්බුවා.
ෆිනීෂියාවේ දම් සායම් හැදුව අය ජනපද පිහිටුවාගෙන අවුරුදු සිය ගණනක් පුරා තමන්ගේ කර්මාන්තය කරගෙන ගියා. ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දෙන්නත් වෙළඳපොළ අල්ලාගෙන සිටින්නත් එමගින් ඔවුන්ට හැකි වුණා. සායම් සෑදීමේදී ඔවුන් යොදාගත් සමහර උපකරණ අදටත් මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශවල මෙන්ම බටහිරින් පිහිටි ස්පාඤ්ඤයේ කැඩිස් ප්‍රදේශයෙත් දක්නට තිබෙනවා.
^ 8 ඡේ. බෙල්ලෙකුගේ කට්ටේ දිග සෙන්ටිමීටර් 5ත් 8ත් අතර වෙනවා.