ක්‍රිස්තු විරෝධීන් කවුද?
අද්භූත දේවල් තියෙන ඉංග්‍රීසි චිත්‍රපටියක නම “ඇන්ටික්‍රයිස්ට්.” ඒකේ අදහස ක්‍රිස්තු විරෝධී කියන එකයි.
ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් ගීත ඇල්බමයකට “ඇන්ටික්‍රයිස්ට් සුපර්ස්ටා” කියන නම දැම්මා.
19වෙනි සියවසේ දාර්ශනිකයෙක් වුණ ෆ්රීඩ්රිෂ් නීචගේ පොතකට දාලා තිබුණේ “දි ඇන්ටික්‍රයිස්ට්” කියන නමයි.
අතීතයේ හිටිය සමහර රජවරු සහ පාලකයන් සතුරු සේනාවල නායකයන්ව හැඳින්නුවේ ක්‍රිස්තු විරෝධීන් කියලයි.
ජර්මනියේ හිටිය ආගමික නායකයෙක් වන මාටින් ලූතර්, පාප්වරුන්ව හැඳින්නුවේ ක්‍රිස්තු විරෝධීන් කියලයි.
හුඟ කාලෙක ඉඳලා රජවරුන්ට, චිත්‍රපටිවලට වගේ හුඟක් දේවලට “ක්‍රිස්තු විරෝධි” කියන යෙදුම පාවිච්චි කරලා තියෙනවා. මේ ක්‍රිස්තු විරෝධීන් කවුද? අපි ඒ ගැන දැනගන්න එක වැදගත්ද? ඒ ගැන හරියටම දැනගන්න පුළුවන් තැන බයිබලයයි. මොකද බයිබලයේ පස් වතාවක් ඒ ගැන කියලා තියෙනවා.
ක්‍රිස්තු විරෝධීන් හෙළි වෙයි
“ක්‍රිස්තු විරෝධි” කියන යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ යේසුස්ගේ නියෝජිතයෙක් වන යොහන් කියන බයිබල් ලේඛකයා විතරයි. ඔහු ක්‍රිස්තු විරෝධීන් ගැන මෙහෙම කිව්වා. “කුඩා දරුවෙනි, තව ඉතුරුව ඇත්තේ කෙටි කාලයක් පමණි. ඔබ දැනගත් ලෙස ක්‍රිස්තු-විරෝධියා පැමිණෙයි. ඇත්තෙන්ම දැනටමත් ක්‍රිස්තු-විරෝධීන් බොහෝදෙනෙකු සිටින බව පැහැදිලියි. එයින් අප තේරුම්ගන්නේ තව කෙටි කාලයක් පමණක් ඉතුරුව ඇති බවය. ඔවුහු අප අතරෙහි සිටියත් අපව අත්හැර ගියෝය. මන්ද ඔවුහු අප මෙන් නොවෙති. . . . බොරුකාරයෙකු වන්නේ කවුද? එනම් යේසුස්ව ක්‍රිස්තුස් ලෙස ප්‍රතික්ෂේප කරන තැනැත්තාය. ක්‍රිස්තු-විරෝධියා ඔහුය. ඔහු පියාණන්ව හා පුත්‍රයාව ප්‍රතික්ෂේප කරයි.”—1 යොහන් 2:18, 19, 22.
ක්‍රිස්තු විරෝධීන් කියන්නේ යේසුස් ගැන සහ යේසුස්ගේ ඉගැන්වීම් ගැන හිතාමතාම බොරු පතුරුවන අයට කියලා යොහන් තේරුම් අරගෙන හිටියා
යොහන් කිව්වේ “ක්‍රිස්තු-විරෝධීන් බොහෝදෙනෙකු” ඉන්නවා කියලයි. ක්‍රිස්තු විරෝධීන් හැටියට ක්‍රියා කරන පුද්ගලයන් හෝ සංවිධාන යේසුස් ගැලවුම්කරු කියලා පිළිගන්නේ නැහැ. ඒ වගේම යේසුස් සහ ඔහුගේ පියාණන් වන දෙවියන් ගැන විකෘති අදහසුත් ඉදිරිපත් කරනවා. ඔවුන් තමන් ක්‍රිස්තුස් හෝ ඔහුගේ නියෝජිතයන් කියලා කියාගන්නවා. යේසුස්ගේ නියෝජිතයන් හැටියට හිටපු සමහර අය බයිබලයේ ඇති සත්‍ය ඉගැන්වීම් අත්හැරියා. ඒ නිසයි ‘ඔවුන් අපිව අත්හැර ගියා’ කියලා කිව්වේ. ඒ විතරක් නෙමෙයි “තව ඉතුරුව ඇත්තේ කෙටි කාලයක් පමණි” කියලා යොහන් ලිව්වේ ඔහු ඇතුළු යේසුස්ගේ නියෝජිතයන් පොළොවේ ගත කරන ජීවිතයේ අවසාන කාලයේ හිටිය නිසා වෙන්න ඇති. ඒවෙද්දිත් ක්‍රිස්තු විරෝධීන් බිහි වෙලා හිටියා.
ක්‍රිස්තු විරෝධීන් ගැන යොහන් තව මොනවාද ලිව්වේ? බොරු අනාගතවක්තෘවරුන් ගැන ඔහු ලිව්ව පළවෙනි ලිපියේ මේ වගේ අනතුරු ඇඟෙව්වා. “යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී තිබෙනවාද කියා ඔබට දැනගත හැක්කේ මෙලෙසය. ඒ පණිවිඩයේ යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්නා බව සඳහන් වුණොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් ලෙස සැලකිය යුතුයි. නමුත් යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී ඇති බව පැවසුවත් යේසුස්ව පිළි නොගන්නා බව එහි සඳහන් වුවහොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් නොවේ. ඇත්තෙන්ම එය ක්‍රිස්තු-විරෝධියාගෙන් පැමිණි පණිවිඩයකි. ඔහු පැමිණෙන බව ඔබ අසා ඇති අතර දැනටමත් ඔහු මේ ලෝකයේ සැරිසරයි.” (1 යොහන් 4:2, 3) ඔහුගේ දෙවෙනි ලිපියේ “යේසුස් ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස පැමිණි බව පිළි නොගන්නා රැවටිලිකාරයෝ බොහෝදෙනෙක් මේ ලෝකයේ සිටිති. එවැනි අයව සැලකිය යුත්තේ රැවටිලිකාරයන් සහ ක්‍රිස්තු-විරෝධීන් ලෙසය” කියලත් කිව්වා. (2 යොහන් 7) ක්‍රිස්තු විරෝධීන් කියන්නේ යේසුස් ගැන සහ යේසුස්ගේ ඉගැන්වීම් ගැන හිතාමතාම බොරු පතුරුවන අයට කියලා යොහන් තේරුම් අරගෙන හිටියා කියලා ඒකෙන් පැහැදිලියි.
“බොරු අනාගතවක්තෘවරුන්” සහ “පව්කාර මනුෂ්‍යයා”
ඒ වගේ බොරු පතුරුවන අය ගැන යොහන් ලියන්න හුඟ කාලෙකට කලින් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මතෙව් 7:15) නියෝජිත පාවුලුත් තෙසලෝනිකවරුන්ට මේ වගේ අවවාදයක් දුන්නා. “කිසිවෙකුට කිසි ලෙසකින්වත් නොරැවටෙන්න. මන්ද මුලින් මහ කැරැල්ල ආරම්භ විය යුතුයි. පව්කාර මනුෂ්‍යයා කවුද කියාත් හෙළි විය යුතුයි. විනාශයට නියමිත තැනැත්තා නම් ඔහුය. ඒ දවස පැමිණෙන්නේ ඉන් අනතුරුවයි.”—2 තෙසලෝනික 2:3.
මේ වගේ උපදෙසක් දුන්නා. “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න. ඔවුන් බැටළු වෙස් ගෙන ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි.” (පළවෙනි සියවසේදීම බොරු අනාගතවක්තෘවරුන් සහ සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය අනිත් ක්‍රිස්තියානීන්ව නොමඟ යවන්න වෑයම් කළා. යේසුස් ගැනත් යේසුස්ගේ ඉගැන්වීම් ගැනත් බොරු පතුරුවමින් හිටිය අයව තමයි යොහන් “ක්‍රිස්තු විරෝධියා” කියලා හැඳින්නුවේ. “විනාශයට නියමිත තැනැත්තා” කියලා පාවුල් කියපු දෙයින් ක්‍රිස්තු විරෝධීන් ගැන යෙහෝවා දෙවියන් දරන අදහස පැහැදිලි වෙනවා.
ක්‍රිස්තු විරෝධීන්ගෙන් පරෙස්සම් වෙන්න
මිනිසුන් සහ සංවිධාන ක්‍රිස්තු විරෝධීන් හැටියට අදත් ක්‍රියා කරනවා. ඒ අය පියාණන් වන යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ පුතා වන යේසුස් ගැනත් හිතාමතාම බොරු පතුරුවනවා. ඒ අයගෙන් අපි පරෙස්සම් වෙන්න ඕන ඇයි කියලා උදාහරණ දෙකකින් බලමු.
සියවස් ගණනාවක් පුරා සමහර ක්‍රිස්තියානි සභාවල ත්‍රිත්වය කියලා දෙයක් උගන්වලා තියෙනවා. ඒකෙන් කියන්නේ යේසුස් දෙවියන්ට සමානයි කියලා. ඔවුන් යෙහෝවා දෙවියන් සහ යේසුස් ක්‍රිස්තුස් ගැන සැබෑව වසං කරලා ඒක අභිරහසක් කරලා තියෙනවා. ඒ අභිරහස නිසා අවංක පුද්ගලයන්ට බයිබලයේ කියන විදිහට යේසුස්ව අනුගමනය කරන්නත් දෙවියන්ට ළං වෙන්නත් බැරි වෙලා තියෙනවා.—1 කොරින්ති 11:1; යාකොබ් 4:8.
ඒ ඉගැන්වීමට රුකුල් දෙන්න ඔවුන් සමහර බයිබල් පරිවර්තනවලින් යෙහෝවා දෙවියන්ගේ නමත් ඉවත් කරලා. ඒක කරලා තියෙන්නේ 7,000 වාරයක් විතර මුල්ම බයිබල්වල ඒ නම සඳහන් වෙලා තියෙද්දිමයි. ඒකෙන් වෙන්නේ සැබෑ දෙවියන් කවුද කියලා හඳුනගන්න බැරි වෙන එක විතරයි.
ඒත් දෙවියන්ගේ නම දැනගත්ත හුඟදෙනෙකුට ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙලා තියෙනවා. රිචඩ් කියන කෙනාගේ අද්දැකීම ඒකයි. ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් එක්ක කරපු සාකච්ඡාවක් ගැන මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා ඒ අය බයිබලෙන් මට පෙන්නුවා. දෙවියන්ට නමක් තියෙනවා කියලා දැනගත්තාම මට පුදුම හිතුණා. මොකද කලින් කවදාවත් මම ඒක අහලා තිබුණේ නැහැ.” එදා ඉඳලා ඔහු බයිබල් ප්‍රමිති අනුව ජීවත් වෙන්නත් යෙහෝවා දෙවියන්ව සතුටු කරන්නත් පටන්ගත්තා. ඔහු කියන්නේ “දෙවියන්ගේ නම දැනගත්ත එක දෙවියන්ට කිට්ටු වෙන්න මට උදව් වුණා” කියලයි.
සියවස් ගණනාවක් පුරා ක්‍රිස්තු විරෝධීන්, මිලියන ගණන් දෙනෙක්ව නොමඟ යවලා තියෙනවා. හැබැයි අපි දේවවචනය වන බයිබලයේ තියෙන දේවල් අධ්‍යයනය කරන නිසා ක්‍රිස්තු විරෝධීන් කවුද කියලා හඳුනගන්නත් ඒ අයගේ බොරු අදහස්වලට නොරැවටී ඉන්නත් පුළුවන්.—යොහන් 17:17.