Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවියන් ගැන සත්‍යය දැනගන්න අපිට පුළුවන්ද?

අපි සත්‍ය දැනගන්නවාට දෙවියන් කැමති ඇයි? යොහන් 17:3 කියවන්න

දෙවියන් මිනිසුන් එක්ක අදහස් හුවමාරු කරලා තියෙනවා. ඔහු තම බලය මාර්ගයෙන් ඔහුගේ අදහස් බයිබලය ලිව්ව අයගේ හිත්වලට දැම්මා. (2 පේතෘස් 1:20, 21) ඒ නිසා බයිබලය කියවලා දෙවියන් ගැන සත්‍යය දැනගන්න අපිට පුළුවන්.—යොහන් 17:17 සහ 2 තිමෝති 3:16 කියවන්න.

යෙහෝවා දෙවියන් තමන් ගැන හුඟක් දේවල් බයිබලයේ කියලා තියෙනවා. මිනිසුන්ව නිර්මාණය කෙරුවේ ඇයි, අනාගතයේදී මිනිසුන් වෙනුවෙන් කරන්නේ මොනවාද, අපි මොන වගේ ජීවිතයක් ගත කරනවාටද කැමති කියලත් කියලා තියෙනවා. (ක්‍රියා 17:24-27) ඔහු කැමතියි අපි ඔහු ගැන සත්‍ය දැනගන්නවාට.—1 තිමෝති 2:3, 4 කියවන්න.

සත්‍යයට ඇලුම් කරන අයට දෙවියන් කැමති ඇයි?

සත්‍යතාවේ දෙවියන් වන යෙහෝවා ඔහුගේ පුතා වන යේසුස්ව එව්වේ මිනිසුන්ට සත්‍යය කියලා දෙන්නයි. සත්‍යයට ඇලුම් කරන අය විතරයි යේසුස්ට සවන් දෙන්න පෙලඹෙන්නේ. (යොහන් 18:37) ඒ වගේ අය තමන්ට නමස්කාර කරනවාට දෙවියන් කැමතියි.—යොහන් 4:23, 24 කියවන්න.

සාතන් වන යක්ෂයා දෙවියන් ගැන බොරු උගන්වලා හුඟදෙනෙක්ව දෙවියන්ට ළං වෙන එකෙන් වළක්වලා. (2 කොරින්ති 4:3, 4) ඒ බොරු ඉගැන්වීම්වලට සවන් දෙන්න පෙලඹෙන්නේ සත්‍යයට අකමැති අයයි. (රෝම 1:25) හැබැයි බයිබලය උනන්දුවෙන් ඉගෙනගන්න මිලියන ගණන් අයට දෙවියන් ගැන සත්‍යය දැනගන්න ලැබිලා තියෙනවා.—ක්‍රියා 17:11 කියවන්න.