Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

ජංගම පුවරුවලින් “සියලු ජාතීන්ට සාක්ෂියක්!”

ජංගම පුවරුවලින් “සියලු ජාතීන්ට සාක්ෂියක්!”

2023 අප්‍රියෙල් 1

 ජංගම පුවරුවලින් සේවේ කරන එක පහුගිය අවුරුදු දහය පුරාම හුඟක් අයගේ අවධානයට ලක් වෙලා තියෙනවා. ලෝකේ කොහේ ඉන්න කෙනෙක්ට වුණත් මේ පුවරු ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ඒවා හදලා තියෙන්නේ නිකම්ම මිනිස්සුන්ගේ අවධානය ඇදලා ගන්න පුළුවන් විදිහට විතරක් නෙවෙයි, පාවිච්චි කරන්නත් ලේසි විදිහට. පෝලන්තයේ ඉන්න සහෝදරි ආසනාටා කියන දේ බලන්න. “වැඩි විච්චූර්ණ නෑ, හරිම චාම් විදිහට තමයි ඒවා හදලා තියෙන්නේ. මේ කාට්වලට ටක් ගාලා මිනිස්සුන්ගේ ඇස් යනවා. ලේසියෙන්ම එහා මෙහා ගෙනියන්නත් පුළුවන්.”

 ඒත් කවදා හරි හිතලා තියෙනවාද මේ පුවරු නිර්මාණය කරන්නේ කොහොමද කියලා?

සුපිරි නිර්මාණයක්!

 2001දී පාලක මණ්ඩලයේ අනුමැතිය ඇතුව ප්‍රංශයේ ඉන්න අපේ සහෝදර සහෝදරියන් පොදු සේවය කරන්න එක එක ක්‍රම අත්හදා බැලුවා. ඒකට ජංගම පුවරුවලින් සාක්ෂි දරන එකත් ඇතුළත් වුණා. මුලින්ම එයාලා ඒ පුවරු එක එක විදිහට නිර්මාණය කරලා බැලුවා. උදාහරණෙකට එයාලා ඒක සූට් කේස් එකක් වගේ, වෙළඳසැල්වල බඩු දාන ට්‍රොලි වගේ නිර්මාණ කරලා ඒවාවල අපේ ප්‍රකාශන දැම්මා. පස්සේ ප්‍රංශ ශාඛා කාර්යාලය ඒ අතරින් එක නිර්මාණයක් තෝරගත්තා. ඒක තමයි අවුරුදු ගාණක් තිස්සේ ප්‍රචාරකයන් පාවිච්චි කරන්නේ.

2005දී ප්‍රංශයේ සහෝදරයන් පාවිච්චි කරපු ජංගම පුවරුවක්

 ඒ විදිහට සේවේ කරලා ලැබුණ ප්‍රතිඵල නිසා ප්‍රංශයේ හිටපු සහෝදරයෝ ගොඩක් සතුටු වුණා. ඒ නිසා 2011දී පාලක මණ්ඩලය අවසර දුන්නා නිව් යෝර්ක් නගරයෙත් ජංගම පුවරු සහ මේස පාවිච්චි කරලා පොදු සේවය අත්හදා බලන්න. ඒකට හවුල් වුණ පුරෝගාමීන් ලේසියෙන්ම එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන් මේ අලුත් පුවරු හුඟක් අගය කළා. හැබැයි මේක තව දියුණු කරන්න ඕනෙ පැතිත් එයාලා පෙන්නලා දුන්නා. මොකද කලින් මේ පුවරු හදලා තිබුණේ ලීවලින්. ඉතින් ටිකක් බරයි. ඒ නිසා පඩි පේළිවල එහෙ මෙහෙ ගෙනියන එක ලේසි වුණේ නැහැ. ඉතින් ඊට වඩා ටිකක් සැහැල්ලු විදිහට ඒක හදන්න කියලා එයාලා යෝජනා කළා. හැබැයි ඕනෑවට වඩා සැහැල්ලු වෙන්නත් බැහැ. මොකද එහෙම වුණොත් ඒක හුළඟට ගහගෙන යන්න ඉඩ තියෙනවා. ඒ යෝජනා සැලකිල්ලට අරගෙන බරට ඔරොත්තු දෙන, ටිකක් ලොකු රෝද මේකට දාන්න සහෝදරයන් තීරණය කළා. එතකොට රළු පොළොවක වුණත් ලේසියෙන් මේක එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන්. ඊට අමතරව වැඩිපුර සඟරා, පොත් පත් දාන්න ඒකේ වෙනමම තැනකුත් හැදුවා.

 ඒ සැලැස්මත් අතිසාර්ථක වුණා. ඒ නිසා 2012දී පාලක මණ්ඩලය අවසර දුන්නා ලෝකේ පුරාම ජංගම පුවරු පාවිච්චි කරලා සාක්ෂි දරන්න. ඉතින් කලින්ටත් වඩා සැහැල්ලු, කාලයක් පවතින, ශක්තිමත් අමුද්‍රව්‍ය පාවිච්චි කළා. ඒ වගේම සහෝදරයන් එක ආයතනයකට භාර දුන්නා මේ පුවරු මහා පරිමාණයෙන් හදන්න.

 එදා ඉඳන් ගත වුණ අවුරුදු ගාණ පුරාම මේ පුවරුවල තව පොඩි පොඩි වෙනස්කම් කළා. උදාහරණෙකට 2015දී වැස්සෙන් ආරක්ෂා වෙන්න මේ පුවරුවලට විනිවිද පේන කවරයක් දැම්මා. ජෝර්ජියාවේ ඉන්න සහෝදරි ඩීනා මේ අලුත් වෙනසට ගොඩක් ආසයි. බලන්න එයා කියන දේ. “දැන් අපේ කාට් එකට ‘රේන්කෝට්’ එකකුත් තියෙනවා. ඒ නිසා පොත් වැස්සට තෙමෙන්නේ නෑ.” 2017දී සමහර භාෂාවලින් මේ පුවරුවලට අලවන්න කාන්දම් තියෙන පෝස්ටර් ලැබුණා. බලන්න ඒ ගැන පෝලන්තයේ ඉන්න සහෝදර ටෝමෂ් කියන දේ. “සාමාන්‍යයෙන් පරණ පෝස්ටරය ගලවලා හරි ගාණට අලුත් එක අලවන්න ලේසි නෑ. හැබැයි මේ කාන්දම් තියෙන පෝස්ටර් නිසා ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්.” 2019දී මීටත් වඩා හොඳ අමුද්‍රව්‍යවලින් තවත් කල් පවතින විදිහට මේ ජංගම පුවරු නිර්මාණය කරන්න සැලසුම් කළා.

පුවරු නිෂ්පාදනය

 මේ ජංගම පුවරු එක ආයතනයකින් නිර්මාණය කරලා ලෝකේ පුරාම බෙදා හරිනවා. ගණන් බලලා තියෙන විදිහට මේ වෙද්දී එක පුවරුවක් නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් 43ක් (රුපියල් 14,500ක් විතර) වැය වෙනවා. ඒ, නැව් ගාස්තු සහ වෙනත් වියදම් නැතුව. මේ වෙනකොට ජංගම පුවරු හදන්න සංවිධානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 16කටත් (රුපියල් කෝටි 540කටත්) වඩා වැඩියෙන් වැය කරලා තියෙනවා. ඒ වගේම ඒවා ලෝකේ පුරාම සභා 4,20,000කටත් වඩා වැඩි ගාණකට බෙදා හැරලත් තියෙනවා.

 සම්මාදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනෙ නිසා සහෝදරයෝ මේ පුවරු එක සැරේ ලොකු ගාණක් ඇණවුම් කරනවා. ඊට අමතරව ඒවාවල මොකක් හරි කෑල්ලක් කැඩුණොත් සභාවලට පුළුවන් අලුත්ම පුවරුවක් ඉල්ලුම් කරනවා වෙනුවට ඒ කැඩිච්ච කෑල්ල විතරක් ඇණවුම් කරන්න.

පුවරුවලින් සාක්ෂියක්

 මේ ජංගම පුවරු පාවිච්චි කරන එකෙන් ලෝකේ පුරාම ඉන්න ප්‍රචාරකයන් ලොකු සතුටක් ලබනවා. බලන්න ඝානාවල ඉන්න මාර්ටීනා කියන දේ. “සේවේ කරද්දී හුඟක් වෙලාවට අපියි මිනිස්සු ළඟට යන්නේ. හැබැයි කාට් පාවිච්චි කරද්දී මිනිස්සු අපි ගාවට එනවා. ඒක නියමයි. ඇත්තටම කිව්වොත් එතනින් යන ඕනම කෙනෙක්ට, එයාලා අපිත් එක්ක කතා නොකළත් හොඳ සාක්ෂියක් දෙන්න අපිට පුළුවන්.”

 තවත් අප්‍රිකානු රටක එක පුද්ගලයෙක් අපේ ජංගම පුවරුවලින් එයාගේ භාෂාවෙන් තියෙන ප්‍රකාශන ගත්තා. ඊට සතියකට විතර පස්සේ එයා ආයේ ඇවිත් මෙහෙම කිව්වා. “මං ඔයාලාගේ පොත් ඔක්කොම කියෙව්වා. ඒවායේ තියෙන තොරතුරු හරි වටිනවා. මං ගමේ ගියාම මගේ පවුලේ අයටත් මේ ගැන කියනවා.” එයාගේ ගම තිබුණේ අපේ පුවරු තියෙන තැන ඉඳලා කිලෝමීටර් 500කටත් එහායින්. කොහොමහරි ඔය සිද්ධිය වෙලා මාස දෙකකට විතර පස්සේ එයා ආයෙත් ඇවිල්ලා මෙහෙම කිව්වා. “මගේ පවුලේ අය විතරක් නෙවෙයි, ගමේ හැමෝම ඔයාලාගේ පොත් කියෙව්වා. ඒ තොරතුරුවලට එයාලා හරිම ආසයි. එයාලටත් ඕනෙ සාක්ෂිකරුවන් වෙන්න. හැබැයි එයාලට ඔයාලාගෙන් අහන්න ප්‍රශ්න වගයක් තියෙනවා. සාක්ෂිකරුවන් වෙන්න නම් බව්තීස්ම වෙන්න ඕනනේ. හැබැයි බව්තීස්ම වෙන්න වතුරේ ගිලිලා ආයෙත් ගොඩට එන්න ඕනේ. එයාලට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ගමට කිට්ටුව ගඟක් නැති එක. එතකොට බව්තීස්ම වෙන්න එයාලට මෙහෙට එන්න වෙයිද?” අන්තිමේදී ප්‍රචාරකයෝ ඒ කෙනාව එයාගෙම භාෂාව කතා කරන පුරෝගාමි සහෝදරයෙක්ට හඳුන්වලා දුන්නා. දැන් එයා දිගටම බයිබලේ පාඩම කරනවා.

 “සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරන්න” ජංගම පුවරු පාවිච්චි කරන විදිහ මොන තරම් අපූරුද! (මතෙව් 24:14) ඒත් ඒවා හදන්න යන වියදම පියවගන්නේ කොහොමද? ඒ donate.pr418.com හරහා ලෝකේ පුරාම ඉන්න ඔයාලා කරන සම්මාදම්වලින්. සහෝදරයෙනි, සතුටු සිතින් කරන ඒ පරිත්‍යාගවලට ඔයාලට ගොඩක් ස්තුතියි.