ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
ලෝකේ පුරා ඉන්න හුඟදෙනෙක් ප්‍රයෝජන ලබන ගිලියද් පාසැල
2020 දෙසැම්බර් 1
හැම අවුරුද්දකම ලෝකේ පුරාම ඉන්න විශේෂ පූර්ණකාලීන සේවකයන් හුඟදෙනෙක් ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වෙනවා. ඒක පවත්වන්නේ නිව් යෝර්ක් නගරයේ පැටර්සන්වල තියෙන වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ. a යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් තමන්ට ලැබෙන ඕනෙම පැවරුමක් තවත් හොඳින් ඉටු කරන්න මේ පාසැලෙන් ශිෂ්‍යයන්ට හොඳ පුහුණුවක් ලැබෙනවා. ලෝකේ පුරාම තියෙන සභාවන් සහ ශාඛා කාර්යාල තවත් ශක්තිමත් කරන්න ඒ පුහුණුව එයාලට උදව් වෙනවා.
ගිලියද් පාසැල ඇත්තටම ජාත්‍යන්තර පාසැලක්. උදාහරණයකට 2019දී තිබුණු 147වෙනි පන්තියට රටවල් 29කින් ශිෂ්‍යයන් 56දෙනෙක් ඇවිල්ලා හිටියා. ගිලියද් පාසැලට සහභාගි වෙන්න පුළුවන් විශේෂ පූර්ණකාලීන සේවකයන්ට විතරයි. ඒ අය අතරේ බෙතෙල් සේවකයන්, චාරිකා සේවකයන්, මිෂනාරිවරුන් වගේම විශේෂ පුරෝගාමීනුත් ඉන්නවා.
ගිලියද් පැසැලේ අලුත් පන්තියක් වෙනුවෙන් දේවල් සූදානම් කරන්නේ ඒක පටන්ගන්න හුඟ කාලෙකට කලිනුයි. උදාහරණයකට ලෝක මූලස්ථානයේ විදෙස් සංචාර සැලසුම් කිරිමේ අංශයෙන් මේ පාසැලට සහභාගි වෙන ශිෂ්‍යයන්ගේ ගුවන් ටිකට්පත් මිල දී ගන්නවා. ගිලියද් පාසැලේ 147වෙනි පන්තියට සහභාගි වෙන්න වෙන රටවල්වලින් ආපු එක ශිෂ්‍යයෙක්ගේ ගුවන් ගමන්වලට සාමාන්‍යයෙන් වැය වුණ මුදල ඇමරිකානු ඩොලර් 1,075ක්. සොලමන් දූපත්වල ඉඳලා මේ පාසැලට ආපු ශිෂ්‍යයන්ට පැටර්සන්වලට එන්න ගුවන් ගමන් වාර හතරකුත් ආපහු යන්න ගුවන් ගමන් වාර තුනකුත් පාවිච්චි කරන්න සිද්ධ වුණා. එයාලා ගමන් කරපු සම්පූර්ණ දුර කිලෝමීටර් 35,400කට (සැතපුම් 22,000කට) වඩා වැඩියි. ඒ ගුවන් ගමන්වලට එක ශිෂ්‍යයෙක්ට වැය වුණු මුදල ඇමරිකානු ඩොලර් 2,300ක්. මේ ගුවන් ගමන්වලට යන වියදම අඩු කරගන්න ලෝක මූලස්ථානයේ විදෙස් සංචාර සැලසුම් කිරීමේ අංශය අඩු ගාණකට තියෙන ගුවන් ටිකට්පත් මොනවාද කියලා හොයලා බලන්න පරිගණක වැඩසටහනක් පාවිච්චි කරනවා. ටිකට් එකක් වෙන් කළාට පස්සෙත් ඒකේ ගාණ අඩු වෙලාද කියලා සති ගාණක්, මාස ගාණක් යන කල් ඒ පරිගණක වැඩසටහන පාවිච්චි කරලා හොයලා බලනවා. ඒ වගේම ලෝක මූලස්ථානයේ විදෙස් සංචාර සැලසුම් කිරීමේ අංශය සහෝදරයන් පරිත්‍යාග කරලා තියෙන ගුවන් සමාගම් ලබා දෙන වවුචර සහ ගුවන් සැතපුම් දීමනා මේ ගුවන් ගමන් වෙනුවෙන් පාවිච්චි කරනවා.
එක්සත් ජනපදයට එන්න හුඟක් ශිෂ්‍යයන්ට වීසා ඕනෙ වෙනවා. ලෝක මූලස්ථානයේ තියෙන නීතික අංශයෙන් තමයි ඒ වැඩකටයුතු බලාගන්නේ. වීසා එකක් ලබාගන්න සහ ලියාපදිංචි කිරීමේ කටයුතු කරන්න සාමාන්‍යයෙන් එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 510ක වගේ මුදලක් වැය වෙනවා.
මේ ශිෂ්‍යයන් ලබන පුහුණුවෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද? සහෝදර හෙන්ඩ්‍රා ගුනවන් කියන්නේ ආසියාවේ ජීවත් වෙන වැඩිමහල්ලෙක්. ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු යුවළක් එයාලගේ සභාවෙත් ඉන්නවා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “කලින් අපේ සභාවේ එක ස්ථාවර පුරෝගාමියෙක්වත් හිටියේ නෑ. හැබැයි ඒ දෙන්නා අපේ සභාවට ආවට පස්සේ කැමැත්තෙන්ම සේවය කරන්න එයාලට තිබුණු ආසාව, එයාලගේ උද්යෝගය අනිත් අයටත් බෝ වුණා. ඒ නිසා සමහර අය පුරෝගාමි සේවය කරන්නත් පටන්ගත්තා. පස්සේ කාලෙක අපේ සභාවේ සහෝදරියක් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලටත් සහභාගි වුණා.”
ආසියාවේ ජීවත් වෙන සර්ජියෝ පන්ජයිතන්ටත් ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු කීපදෙනෙක් එක්කම බෙතෙල් එකේ සේවය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “එයාලා ලබලා තියෙන පුහුණුව නිසා ප්‍රයෝජන ගන්නේ ඒගොල්ලන් විතරක් නෙමෙයි. එයාලා අපිත් එක්ක ඉන්න එක අපිටත් ආශීර්වාදයක්. ඒගොල්ලන් මේ පාසැලෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. හැබැයි කවදාවත් එයාලා තමන් විශේෂයි කියලා පෙන්නන්න හදන්නේ නෑ. ඉගෙනගත්ත දේවල් අපි එක්කත් බෙදාගන්නවා. ඒගොල්ලන්ගෙන් ලැබෙන දිරිගැන්වීම් නිසා දැන් අපිටත් පුළුවන් අනිත් අයව දිරිගන්වන්න.”
ගිලියද් පාසැලේ හැම වියදමක්ම පියවගන්න මුදල් ලැබෙන්නේ කොහෙන්ද? ලෝක ව්‍යාප්ත සේවය සඳහා ලැබෙන සම්මාදම් තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඒ සම්මාදම්වලින් වැඩි හරියක් ලැබෙන්නේ donate.pr418.com වෙබ් අඩවිය හරහායි. ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් ප්‍රයෝජන ලබන මේ ගිලියද් පාසැල පවත්වන්න ඔයාලා ලබා දෙන සම්මාදම්වලට ගොඩක් ස්තුතියි.
a මේ පාසැලේ විෂය මාලාව සකස් කරන්නෙත් කාලෙන් කාලෙට ඒකේ අවශ්‍ය වෙනස්කම් කරන්නෙත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ ඉගැන්වීම් කමිටුව යටතේ තියෙන සේවා පාසැල් අංශයෙන්. පාලක මණ්ඩලයේ සහෝදරයන්, සේවා පාසැල් අංශයේ සහෝදරයන් සහ තවත් සහෝදරයන් මේ පාසැලේ උපදේශකයන් විදිහට කටයුතු කරනවා.