සෝදිසියෙන් ඉන්න!
ඇයි මෙච්චර වෛරයක්? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
යුද්ධ නිසා, ජාතිවාදී හැඟීම් නිසා එන්න එන්නම වෛරයේ ගිනිදලු ඇවිළෙනවා. නිව්ස් බැලුවොත් දකින්න තියෙන්නෙම වෛරයෙන් පිරුණු කතාබහ, අපරාධ විතරයි.
“ඊශ්‍රායෙලය සහ ගාසා තීරය අතර තියෙන ගැටුම්, මිනිස්සුගේ අපරාධ මේ වෛරය කියන ගින්නට දාන පෙට්‍රල් වගේ. සෝෂල් මීඩියාවල උඩ ඉඳන් යටටම තියෙන්නේ වෛරයේ ගිනිසිළු.”—The New York Times, 2023 නොවැම්බර් 15.
“මිනිස්සු වෛරයෙන් උමතු වෙලා කරන දේවල්, වෛරය පිරුණු කතාබහ ඔක්තෝබර් 7වෙනිදා ඉඳන් හිතාගන්න බැරි තරමට වැඩි වෙලා.”—ඩෙනිස් ෆ්‍රැන්සිස්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සභාපති, 2023 නොවැම්බර් 3.
වෛරයෙන් පිරුණු කතා, අපරාධ, යුද්ධ කියන්නේ අද ඊයේ පටන්ගත්ත ඒවා නෙවෙයි. බයිබලයෙත් කියනවා ‘සිත් පසාරු කරගෙන යන විදිහට ඊතල වගේ’ වචන පිට කරපු අය, යුද්ධ සහ අපරාධ කරපු අය අතීතයෙත් හිටියා කියලා. (ගීතාවලිය 64:3; 120:7; 140:1) ඒත් බයිබලයේ කියන විදිහට දැන් මිනිස්සු අතර තියෙන වෛරයේ විශේෂත්වයක් තියෙනවා.
අපේ කාලය ගැන ලකුණක්!
අද මිනිස්සු මෙච්චර වෛරයෙන් මත් වෙලා ඉන්න හේතු දෙකක් බයිබලයේ කියනවා.
1. “වැඩිදෙනාගේ ප්‍රේමය හීන වෙන” කාලයක් ගැන බයිබලයේ කලින්ම කියලා තියෙනවා. (මතෙව් 24:12) අද මිනිස්සු එක් කෙනෙක්ට එක් කෙනෙක් නැහැ. ආදරේ කරනවා වෙනුවට මිනිස්සු එකිනෙකාට වෛර කරනවා.—2 තිමෝති 3:1-5.
2. මිනිස්සු වෛරයෙන් පිරිලා මේ වගේ කුරිරු දේවල් කරන්නේ දුෂ්ට සාතන්ගේ බලපෑම නිසා. ඒකයි බයිබලයේ කියන්නේ “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්” කියලා.—1 යොහන් 5:19; එළිදරව් 12:9, 12.
හැබැයි බයිබලයේ කියනවා දෙවියන් වෛරයට මුල් වෙන හැම දෙයක්ම සහමුලින්ම නැති කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි වෛරය නිසා වෙලා තියෙන හැම හානියක්ම ඔහු හරිගස්සනවා. බයිබලයේ මෙහෙම පොරොන්දු වෙනවා.
“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.