Skip to content

පටුනට යන්න

kovop58/stock.adobe.com

සෝදිසියෙන් සිටින්න!

ඔලිම්පික් ඇත්තටම ලොව එකමුතු කරයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ඔලිම්පික් ඇත්තටම ලොව එකමුතු කරයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 2024 ඔලිම්පික් තරඟාවලිය හැමෝගෙම අවධානයට ලක් වෙලා තියෙන විෂයක්. රටවල් 206ක තරඟකරුවන් තරඟ වදින විදිහ දිහා බිලියන 5කට වඩා වැඩි පිරිසක් ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නවා. ඔලිම්පික් කමිටුවේ සභාපති වන තෝමස් බැච් මෙහෙම කිව්වා. “ඔලිම්පික් කියන්නේ නිකම්ම ක්‍රීඩා තරඟාවලියක් නෙමෙයි. සාමයේ නිවහනට ලෝකයා රැගෙන එන මාර්ගයක්. ඒ නිසා මේ ඔලිම්පික් සමයේ සාමය පතුරවමු. වාදභේද පැත්තකට දාලා ලෝකයක් විදිහට එක්සත් වෙමු.”

 ඒත් ඔලිම්පික් ඇත්තටම ලොව එකමුතු කරයිද? සැබෑ සාමය කවදා හරි ලෝකෙට උදා වෙයිද?

ඔලිම්පික් නිසා සැබෑ සාමය උදා වෙයිද?

 මේ අවුරුද්දේ ඔලිම්පික් උළෙල ලෝකයාගේ අවධානය ක්‍රීඩාවෙන් ඔබ්බට අරන් ගියා. ඒක ලෝකයේ තියෙන සමාජීය සහ දේශපාලනික ප්‍රශ්න ඉස්මතු කරන අවස්ථාවක් වුණා. තරඟාවලියේ වුණ සිදුවීම් නිසා මානව හිමිකම් සහ ජාතිවාදී ප්‍රශ්න, ආගම් පහත් කිරීම වගේම අයිතීන් සම්බන්ධ ප්‍රශ්න කරළියට ආවා.

 ඔලිම්පික් වගේ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ කොයි කාටත් විනෝදාස්වාදයක් ලබා දෙනවා. ඒත් ලෝක සාමයට දිරි දෙනවාට වඩා ඒකෙන් වෙලා තියෙන්නේ මිනිස්සු අතර බෙදීම් ඇති කරලා තියෙන එකයි. ඒවාට හේතු වෙන ක්‍රියාවන් සහ හැඟීම් තව තවත් අවුස්සන එකයි.

 මේ කාලේදී ලෝක සාමය උදා කරන්න බැරි ඇයි කියලා බයිබලයේ කලින්ම කියලා තිබුණා. (2 තිමෝති 3:1-5) ඒ අනාවැකිය ගැන වැඩි විස්තර දැනගන්න “මේ කාලේ මිනිස්සු ගැන බයිබලයේ කියලා තියෙනවාද?” කියන ලිපිය බලන්න.

සැබෑ සාමය ගැන බලාපොරොත්තුවක්!

 සාමය දසත පැතිරෙන කාලයක් ගැන බයිබලයේ තියෙනවා. “දේවරාජ්‍යය” කියලා හඳුන්වන ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවක් යටතේ මුළු පොළොවම එක පවුලක් වගේ එක්සත් වෙනවා.—ලූක් 4:43; මතෙව් 6:10.

 ඒ රාජ්‍යයේ රජ වන යේසුස් ක්‍රිස්තුස් මුළු පොළොවටම සාමය උදා කරනවා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා.

  •   ‘ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. බොහෝ සමාදානය තිබෙන්නේය.’—ගීතාවලිය 72:7.

  •   ‘මන්ද උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය.’—ගීතාවලිය 72:12, 14.

 අදත් රටවල් 239ක ඉන්න මිලියන ගාණක් යේසුස්ගේ ඉගැන්වීම් නිසා එක පවුලක් වගේ වැඩ කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදින නිසා එයාලා ලෝකේ කොහේ ජීවත් වුණත් එක්සත්ව ඉන්නවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න “වෛරයේ ගිනිදලු නිවලා දාමු!” කියන ‘මුරටැඹ’ සඟරාව බලන්න.