සෝදිසියෙන් ඉන්න!
ක්‍රිස්තියානීන් යුද්ධවලට හවුල් වෙන එක හරිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
යුක්රේන යුද්ධය පටන්ගත්ත කාලේ ඉඳන්ම ක්‍රිස්තියානි ආගමික නායකයන් මිනිස්සුන්ට යුද්ධ කරන්න උසිගන්වලා තියෙන විදිහ පැහැදිලිව දකින්න තියෙනවා. රුසියාවේ සහ යුක්රේනයේ ආගමික නායකයන් ඒ ගැන කියපු දේවල් බලන්න.
“මේ කුරිරු ප්‍රතිවාදියාගෙන් අපේ මව්රට වන යුක්රේනය බේරගන්න සටන් වදින වීර රණවිරුවනි, අපේ ගෞරවයත් ප්‍රණාමයත් ඔයාලට පුද කරන්න කැමතියි. අපේ හදවත්, අපේ යාච්ඤා, අපේ සහයෝගය හැම වෙලේම ඔයාලත් එක්කයි.”—යුක්රේනයේ ඕතඩොක්ස් පල්ලියේ අගරදගුරු වන කීව්හි එපිෆේනියස් I, 2022 මාර්තු 16, The Jerusalem Post.
“යුක්රේනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතරතුරේදී රුසියාවේ හමුදා සෙබළුන් වෙනුවෙන් ඕතඩොක්ස් පල්ලියේ විශේෂ දේවමෙහෙයක් පැවැත්වුවා. ඒකේදී රුසියානු සෙබළුන්ට කිව්වා ‘අපේ මව්රට වෙනුවෙන් සටන් කරන්න ඉන්නේ අපි විතරයි. ඒ නිසා පසුබහින්නේ නැතුව ඉදිරියටම යන්න’ කියලා.”—2022 අප්‍රියෙල් 3, Reuters.
ක්‍රිස්තියානීන් යුද්ධවලට හවුල් වෙන එක හරිද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
ඇත්තටම බයිබලයේ කියන්නේ මොකක්ද?
යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් යුද්ධවලට හවුල් වෙන්නේ නැහැ කියලා බයිබලයේ පැහැදිලිවම කියලා තියෙනවා.
“ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.”—මතෙව් 26:52.
යුද්ධවලට හවුල් වෙන කෙනෙක් යේසුස් කියපු ඒ වචනවලට කීකරු වෙනවා කියලා ඇත්තටම කියන්න පුළුවන්ද?
“මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”—යොහන් 13:34, 35.
යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක්ව හඳුනාගන්න උදව් වෙන ඒ ආදරය යුද්ධවලට හවුල් වෙන කෙනෙක් ළඟ තියෙනවා කියලා කියන්න පුළුවන්ද?
ඒ ගැන තවත් විස්තර දැනගන්න “ක්‍රිස්තියානීන්ට යුද්ධවලට හවුල් විය හැකිද?” කියන ලිපිය බලන්න.
ක්‍රිස්තියානීන් සහ යුද්ධ
ක්‍රිස්තියානීන්ට ඇත්තටම යුද්ධවලට හවුල් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඔව්. බයිබලයේ කලින්ම කියලා තිබුණා “අවසාන කාලය” විදිහට හඳුන්වන මේ කාලේදී හැම ජාතියකම අයිති සෙනඟක් යේසුස් කියපු දේට කීකරු වෙලා “යුද්ධයට පුහුණු වන්නේ නැහැ” කියලා.—යෙසායා 2:2, 4.
ඒ ගැන තව විස්තර දැනගන්න “යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?” කියන ‘මුරටැඹ’ සඟරාවේ තියෙන ලිපි බලන්න.
“සමාදානයේ දෙවි” වන යෙහෝවා a ළඟදීම ස්වර්ගයේ තියෙන ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන් “පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද” දුක් විඳින මිනිස්සුන්ව ගලවගන්නවා.—ෆිලිප්පි 4:9; ගීතාවලිය 72:14.
ඒ කොහොමද කියලා දැනගන්න ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.