සෝදිසියෙන් ඉන්න!
කාව විශ්වාස කරන්නද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
විශ්වාසයෙන් වැඩ කරන්න ඕන අයත් විශ්වාසය කඩද්දී මිනිස්සුන්ට දැනෙන්නේ ලොකු කලකිරීමක්. උදාහරණෙකට මේ අය ගැන තියෙන විශ්වාසය හුඟක් අයට නැති වෙලා.
මිනිස්සු ගැන හිතනවා වෙනුවට තමන්ගේ මඩිය තර කරගන්න දේශපාලන නායකයන්.
ඇත්ත ඇති සැටියෙන් වාර්තා කරන්නේ නැති ජනමාධ්‍යය.
මිනිස්සුන්ගේ යහපත ගැන කිසිම ගාණක් නැති විශේෂඥයන්.
දෙවියන් ගැන උගන්නනවා වෙනුවට දේශපාලනයට බැහැලා වැඩ කරන ආගමික නායකයන්.
ඇත්තටම විශ්වාස කරන්නේ කාවද කියලා දෙසැරයක් හිතන්න මිනිස්සුන්ට හොඳ හේතු තියෙනවා. බයිබලයේ මෙහෙම කියනවා.
“අධිපතීන් ගැනවත් ගැලවීම ලබා දෙන්න බැරි මිනිසුන් ගැනවත් විශ්වාසය තියන්න එපා.”—ගීතාවලිය 146:3, ‘නව ලොව පරිවර්තනය.’
විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්!
ඔයාට විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් ගැන බයිබලයේ කියනවා. ඒ, යේසුස් ක්‍රිස්තුස්. ඔහු මීට සියවස් ගාණකට කලින් හිටපු නිකම්ම හොඳ මනුස්සයෙක් විතරක් නෙවෙයි. ‘රජ විදිහට පාලනය කරන්න’ දෙවියන් යේසුස්ව පත් කළා. “එයාගේ රාජ්‍යය කවදාවත් අවසන් වෙන්නේ නැහැ.” (ලූක් 1:32, 33) දෙවියන්ගේ ආණ්ඩුවේ රජ ඔහුයි. ඒ ආණ්ඩුව දැන් ස්වර්ගයේ පාලනය පටන් අරගෙනයි තියෙන්නේ.—මතෙව් 6:10.
යේසුස්ව විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලා දැනගන්න “දේවරාජ්‍යයේ රජු කවුද?” සහ “දෙවියන්ගේ පාලනයෙන් කරන දේ” කියන ලිපි කියවන්න.