Skip to content

පටුනට යන්න

Anton Petrus/Moment via Getty Images

සෝදිසියෙන් ඉන්න!

ලෝක යුද්ධයක් අත ළඟයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ලෝක යුද්ධයක් අත ළඟයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 පහුගිය අවුරුදු 30 ඇතුළත රටවල් අතරේ හොඳ සබඳතා ඇති වෙලා තියෙන නිසා දේවල් හොඳ අතට හැරෙනවා කියලා ගොඩක් අය හිතනවා. හැබැයි මෑතක වුණ සමහර සිද්ධි නිසා ඇත්තටම එහෙම වෙයිද කියලා සැක මතු වෙලා තියෙනවා.

  •   “ලෙබනොන් දේශ සීමාවේ ඊශ්‍රායෙල් සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර තියෙන ගැටුම් නිසා ගාසා යුද්ධය තවත් රටවලට පැතිරෙයි කියලා ඒ අවට අය ඉන්නේ බයෙන්.”—Reuters, 2024 ජනවාරි 6.

  •   “ඉරාන පාලනය යටතේ තියෙන කණ්ඩායම් විවිධ ප්‍රදේශවලට පහර දෙන්න පටන් අරන්. දැන් ඉරානය එකපාරම න්‍යෂ්ටික අවි නිපදවන්නත් පටන් අරන්. ඒ විතරක් නෙවෙයි රුසියාවයි, චීනයයි ඉරානය එක්ක මිත්‍ර සබඳතා ඇති කරගෙනත් තියෙනවා. ඒ නිසා බටහිර රටවල් හෙල්ලිලා ගිහින්.”—The New York Times, 2024 ජනවාරි 7.

  •   “දිගින් දිගටම එල්ල වෙන රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයට දැඩි හානි!”—UN News, 2024 ජනවාරි 11.

  •   “චීනය ආර්ථිකය අතිනුත් යුධ බලයෙනුත් දවසින් දවස ශක්තිමත් වෙනවා. එන්න එන්නම තායිවානය ජාත්‍යාලයෙන් මත් වෙනවා. චීනය සහ ඇමරිකාව කොයි වෙලේ ඇවිළෙයිද දන්නේ නැහැ. මේ හේතු නිසා ඕනෙම වෙලාවක යුද්ධයක් ඇති වෙන්න පුළුවන්.”—The Japan Times, 2024 ජනවාරි 9.

 අද ලෝකේ වටේම තියෙන නොසන්සුන් වාතාවරණය ගැන බයිබලයේ මොනවා හරි කියලා තියෙනවාද? ඒක ලෝක යුද්ධයකට පාර කපයිද?

බයිබලයේ කියන දේ

 මේ මේ රටවල් අතරේ යුද්ධ ඇති වෙනවා කියලා බයිබලයේ නිශ්චිතවම කියලා නැහැ. හැබැයි අපේ කාලේ ලෝකේ පුරාම යුද්ධ ඇති වෙනවා කියලා බයිබලයේ කියලා තියෙනවා. ඒ යුද්ධ නිසා ‘පොළොවෙන් සාමය තුරන් වෙනවා’ කියලත් ඒකේ කියනවා.—එළිදරව් 6:4.

 බයිබලයේ දානියෙල් පොතේ කියලා තියෙනවා “අවසාන කාලයේදී” බලයට තියෙන කෑදරකම නිසා ලෝක බලවතුන් එකිනෙකා එක්ක ගැටෙනවා කියලා. ඒ වෙනුවෙන් එයාලා තමන්ට තියෙන යුධ බලය ප්‍රදර්ශනය කරනවා. “වටිනා දේවල්,” ධනය ගොඩක් වැය කරනවා.—දානියෙල් 11:40, 42, 43.

ළඟ ළඟම එන යුද්ධයක්!

 බයිබලයේ කියනවා මේ හැම දේම හොඳ අතට හැරෙන්න කලින් ලෝකේ තත්වය මීටත් වඩා දරුණු වෙනවා කියලා. යේසුස් මෙහෙම කිව්වා. ‘ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක් පැමිණෙයි.’ (මතෙව් 24:21) එතන කතා කරන “මහත් පීඩාව” ඉවර වෙන්නේ “හර්–මගෙදොන්” කියන යුද්ධයෙන්. ඒ යුද්ධය බයිබලයේ හඳුන්වන්නේ “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” කියලයි.—එළිදරව් 16:14, 16.

 ඒත් හර්–මගෙදොන් කියන්නේ මිනිස් ජීවිත විනාශ කරලා දාන යුද්ධයක් නෙවෙයි, මිනිස්සුන්ව බේරගන්න යුද්ධයක්. ඒ යුද්ධයෙන් දැන් සිද්ධ වෙන යුද්ධවලට අනුබල දෙන හැම මිනිස් ආණ්ඩුවක්ම නැත්තටම නැති කරනවා. හර්–මගෙදොන් නිසා ලෝකෙට සාමය උදා වෙන විදිහ දැනගන්න මේ ලිපි කියවන්න.