සෝදිසියෙන් ඉන්න!
සාමය ගේන්න මිනිස්සුන්ට බැරි ඇයි? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
ලෝක පාලකයන්ටවත් ජාත්‍යාන්තර සංවිධානවලටවත් මේ ලෝකෙට සාමය ගේන්න බැරි වෙලා තියෙනවා. දෙවෙනි ලෝක මහා යුද්ධ කාලේ ඉඳලා ගත වුණ අවුරුදු ගාණ දිහා බලද්දී මේ තරම් දරුණු ගැටුම් ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ. මේ වෙද්දී ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ඒ කියන්නේ බිලියන 2ක් විතර ජීවත් වෙන්නේ ගැටුම් තියෙන ප්‍රදේශවල.
ඇයි මිනිස්සුන්ට සාමය ගේන්න බැරි? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
හේතු තුනක්!
1. මිනිස්සුන්ගේ ගතිගුණ, එයාලාගේ හැසිරීම සාමය ගේන්න බාධාවක්. මේ කාලේ ඉන්න මිනිස්සු ගැන බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. ‘මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, ද්‍රෝහිකම් කරන, කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැති, තමන්වම පාලනය කරගන්න බැරි, දරුණු, හිතුවක්කාර, අහංකාර අය වනු ඇත.’—2 තිමෝති 3:2-4.
2. තනියමවත් එකට එකතු වෙලාවත් ප්‍රශ්න විසඳගන්න මිනිස්සුන්ට බැහැ. ඒකට අනිවාර්යයෙන්ම අපේ නිර්මාතෘ වන යෙහෝවා a දෙවියන්ගේ උදව් ඕනෙමයි. ඒකයි බයිබලයේ කියන්නේ ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිස්සුන්ට හැකියාවක් නැහැ’ කියලා.—යෙරෙමියා 10:23.
3. මේ ලෝකේ තියෙන්නේ දුෂ්ට, බලවත් පාලකයෙක්ගේ අතේ. ඒ තමයි සාතන් කියන යක්ෂයා. සාතන් “මුළු පොළොවම නොමඟ යවනවා.” (එළිදරව් 12:9) “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑම යටතේ” තියෙන කල් යුද්ධ, ගැටුම් කවදාවත් නවතින්නේ නැහැ.—1 යොහන් 5:19.
සාමය ගේන්න පුළුවන් කාටද?
මේ ලෝකෙට අනිවාර්යයෙන්ම සාමය උදා වෙනවා කියලා බයිබලයේ කියනවා. හැබැයි ඒ දේ කරන්නේ දෙවියන් මිසක් මිනිස්සු නෙවෙයි.
“යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය.’”—යෙරෙමියා 29:11.
දෙවියන් සාමය ගේන්නේ කොහොමද? බයිබලයේ කියනවා ‘සමාදානය ලබා දෙන දෙවි සාතන්ව පාද යට දමා පොඩි කරනවා’ කියලා. (රෝම 16:20) දෙවියන් ඒක කරන්නේ ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක් මාර්ගයෙන්. බයිබලයේ ඒ ආණ්ඩුව හඳුන්වන්නේ “දෙවිගේ රාජ්‍යය” කියලා. ඒ ආණ්ඩුවෙන් මේ මුළු පොළොවටම සාමය උදා කරනවා. (ලූක් 4:43) දේවරාජ්‍යයේ රජ වන යේසුස් ක්‍රිස්තුස් ඒ ආණ්ඩුවේ යටත්වැසියන්ට සාමයෙන් ජීවත් වෙන විදිහ උගන්නනවා.—යෙසායා 9:6, 7.
තව විස්තර දැනගන්න “දෙවියන්ගේ පාලනයෙන් කරන දේ?” කියන ලිපිය බලන්න.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.