Skip to content

පටුනට යන්න

Pawel Gluza/500Px Plus/Getty Images

සෝදිසියෙන් ඉන්න!

අවුරුදු 50ක් ඇතුළත වනජීවීන්ගේ ප්‍රතිශතය 73%කින් අඩු වෙලා - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අවුරුදු 50ක් ඇතුළත වනජීවීන්ගේ ප්‍රතිශතය 73%කින් අඩු වෙලා - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 2024 ඔක්තෝබර් 9වෙනිදා ලෝක වනසත්ව අරමුදල හුඟදෙනෙක්ව කම්පනයට පත් කරපු වාර්තාවක් නිකුත් කළා. මිනිස්සු කරන දේවල් නිසා සත්තුන්ට වෙලා තියෙන හානිය ගැන ඒ වාර්තාවේ සඳහන් වුණේ මේ විදිහටයි. “පහුගිය අවුරුදු 50 ඇතුළත (1970-2020), වනජීවීන්ගේ ගාණ 73%කින් අඩු වෙලා. . . . මේ විදිහට ගියොත් ඊළඟ අවුරුදු පහේදී පොළොවෙන් ජීවීන් වඳ වෙලා යන්න තියෙන අවදානම හුඟක් වැඩියි.”

 ඒ වගේ වාර්තාවන් අහලා හුඟක් අයගේ හිතට බයක් දැනෙන එක පුදුමයක් නෙමෙයි. මොකද අපි මේ ලස්සන පොළොවට හුඟක් ආදරෙයි. කැලෑවල ඉන්න සත්තු දුක් විඳිනවා දකින්න අපි කැමති නැහැ. දෙවියන් මිනිස්සුන්ව නිර්මාණය කරද්දී සත්තුන්ව බලාගන්න වගකීමත් දුන්න නිසයි අපිට එහෙම හැඟෙන්නේ.—උත්පත්ති 1:27, 28; හිතෝපදේශ 12:10.

 පොළොවේ ඉන්න සත්තුන්ව ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වෙයිද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

බලාපොරොත්තුවක් තියෙනවා

 සත්තුන්ව බේරගන්න අපි කොච්චර උත්සාහ කළත් 100%ක් අපිට ඒක කරන්න බැහැ. ඒ දේ කරන්න පුළුවන් දෙවියන්ට විතරයි. බයිබලයේ එළිදරව් 11:18 කියනවා දෙවියන් “පොළොව විනාශ කරන අයව විනාශ කරනවා” කියලා. ඒකෙන් අපිට දේවල් දෙකක් තේරුම්ගන්න පුළුවන්.

  1.  1. පොළොව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න දෙවියන් මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ.

  2.  2. දෙවියන් ඉක්මනින්ම ඒක කරන්න යනවා. අපි කොහොමද ඒක දන්නේ? මිනිස්සු වනසත්තුන්ව සම්පූර්ණයෙන්ම පොළොවෙන් නැති කරලා දාන අවදානම වෙන කවරදාකටත් වඩා දැන් වැඩියි. ඒ නිසා දෙවියන් ඉක්මනින්ම ඒ වෙනුවෙන් දෙයක් කරයි කියලා හිතන්න පුළුවන්.

 දෙවියන් ඒක කරන්න යන්නේ කොහොමද? දෙවියන් ඔහුගේ රාජ්‍යයෙන් නැත්නම් ආණ්ඩුවෙන් මුළු පොළොවම පාලනය කරන්න යනවා. (මතෙව් 6:10) දෙවියන්ට කීකරු වෙන අයට සත්තුන්ව ආරක්ෂා කරන විදිහ, උන්ව බලාගන්න ඕන විදිහ ගැන ඒ ආණ්ඩුව කියලා දෙන්න යනවා.—යෙසායා 11:9.