ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න - වීඩියෝ

කියවීමේ සහ ඉගැන්වීමේ හැකියාව තවත් දියුණු කරගන්න.

1වෙනි පාඩම

හිතට කාවදින හැඳින්වීමක්

ඔයා කියන දේ ගැන සවන් දෙන අයගේ හිතේ උනන්දුවක් ඇති කරන්න පුළුවන් කොහොමද?

2වෙනි පාඩම

සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය

සවන් දෙන අයට ලේසියෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට කතා කරන්නේ කොහොමද?

3වෙනි පාඩම

ප්‍රශ්න පාවිච්චි කිරීම

සවන් දෙන අය තුළ උනන්දුවක් ඇති කරලා ඒක දිගටම තියාගන්නත් කරුණු තර්කානුකූලව පැහැදිලි කරන්නත් ප්‍රධාන කරුණු කාවද්දන්නත් ප්‍රශ්න පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

4වෙනි පාඩම

බයිබල් පද හොඳින් හඳුන්වා දීම

බයිබල් පදයක් කියවන්න කලින් සවන් දෙන කෙනාගේ හිතේ කියවන්න යන දේ ගැන ආසාවක් ඇති කරන්න පුළුවන් කොහොමද?

5වෙනි පාඩම

නිවැරදිව කියවීම

ලියලා තියෙන දේ ඒ විදිහටම ශබ්ද නඟලා කියවන්න උදව් වෙන්නේ මොනවාද?

6වෙනි පාඩම

බයිබල් පද අදාළ වන විදිහ පැහැදිලි කරන්න

කියවන බයිබල් පදය, කතා කරන විෂයට සම්බන්ධ වෙන විදිහ තේරුම්ගන්න උදව් කරන්නේ කොහොමද?

7වෙනි පාඩම

නිවැරදි සහ විශ්වාසයක් ඇති කරවන තොරතුරු

නිවැරදිව සහ විශ්වාසයක් ඇති කරවන විදිහට බයිබල් සත්‍යයන් උගන්වන්න පුළුවන් කොහොමද?

8වෙනි පාඩම

උදාහරණ පාවිච්චි කරන්න

යේසුස් වගේ දක්ෂ විදිහට උදාහරණ පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

9වෙනි පාඩම

පින්තූර, වීඩියෝ පාවිච්චි කරන්න

දෘශ්‍යාධාරක පාවිච්චි කරලා දේශනයක මූලික කරුණු මතක තියාගන්න සබයට උදව් කරන්නේ කොහොමද?

10වෙනි පාඩම

හඬ පාලනය

හඬ පාලනය කරන එකෙන් අදහස් පැහැදිලිව ඉදිරිපත් කරන්නත් හිතට දැනෙන විදිහට කතා කරන්නත් පුළුවන් කොහොමද?

11වෙනි පාඩම

උද්‍යෝගය

උද්‍යෝගයෙන් තොරතුරු ඉදිරිපත් කරලා සවන් දෙන අයගේ හදවතටම කතා කරන්න පුළුවන් කොහොමද?

12වෙනි පාඩම

ආදරය සහ සැලකිල්ල

අනිත් අයට සැබෑ ආදරයක් සහ සැලකිල්ලක් පෙන්නන්න පුළුවන් කොහොමද?

13වෙනි පාඩම

තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න

ඔයා කතා කරන දේවල් සවන් දෙන අයට ප්‍රයෝජනවත් කියලා පෙන්නලා දෙන්නත් තොරතුරු අදාළ කරගන්න ආසාවක් ඇති වෙන විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන් කොහොමද?

14වෙනි පාඩම

ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න

සබයේ ඉන්න අයට ලේසියෙන් අවධානය දෙන්න පුළුවන් විදිහට, තේරුම්ගන්න පුළුවන් විදිහට සහ මතක තියාගන්න පුළුවන් විදිහට ප්‍රධාන කරුණු පැහැදිලිව ඉස්මතු කරන්න.

15වෙනි පාඩම

ස්ථිර විශ්වාසයකින් කතා කරන්න

දේශනයක් දෙද්දී, නැත්නම් සේවයේ යද්දී ස්ථිර විශ්වාසයකින් කතා කරන්න පුළුවන් කොහොමද?

16වෙනි පාඩම

ගොඩනංවන සහ හොඳ දේවලට අවධානය දෙන්න

දේශනයක් දෙද්දී, සේවේ යද්දී අනිත් අයව ගොඩනංවන විදිහට කතා කරන්න පුළුවන් කොහොමද? පැති 3ක් බලන්න.

17වෙනි පාඩම

තේරුම්ගන්න පුළුවන් විදිහට කතා කරන්න

අනිත් අයට තේරුම්ගන්න පුළුවන් විදිහට කතා කරන්න නම් මතක තියාගන්න ඕනෙ මොනවාද?

18වෙනි පාඩම

සවන් දෙන අයව තේරුම් අරන් තොරතුරු ඉදිරිපත් කරන්න

තමන් වටිනා දෙයක් ඉගෙනගත්තා කියන හැඟීම සවන් දෙන්නන් තුළ ඇති කරන්නේ කොහොමද?

19වෙනි පාඩම

හදවතට කතා කරන්න

සවන් දෙන අයට හරි චේතනාවෙන් දේවල් කරන්න පෙලඹීමක් ඇති කරන්නේ කොහොමද?

20වෙනි පාඩම

හොඳ අවසානයක්

දේශනයක් නැත්නම් සාකච්ඡාවක් අවසන් කරද්දී මතක තියාගන්න ඕන දේවල් මොනවාද?

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

පොත් සහ සඟරා

ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න

මේ සඟරාව සකස් කරලා තියෙන්නේ ප්‍රසිද්ධියේ කරන කියවීමේ, දේශන ඉදිරිපත් කිරීමේ සහ ඉගැන්වීමේ හැකියාව තව දියුණු කරගන්න උදව් කරන්නයි.