ඔබේ ක්‍රියා විස්මිතයි
1. අතීතේ සිටම ඔබගේ රාජ්‍ය මඟින්
ඉටු කළ දේ බොහොමයි සත්‍ය වදන් දෙමින්
විශ්වාස දාසයා ඔබේ විහිදයි ආලෝකේ
ආදරෙන් මාර්ගේ පෙන්වා දෙයි එඬේරුන් මාර්ගයෙන්
සෑම සමුළුවකින් ප්‍රබෝධවත් වේ මා
එහි ඇති අගේ කියා නිම කරන්න බෑ
රැස්වීම්වලින් දැනේ දෙව්නි ඔබගේ ආදරේ
සේවේ හොඳින් හවුල් වෙන්න ඔබ කියා දෙන්නේ
(අනුපදය)
ඔබේ රාජ්‍ය මඟින්
කළ ක්‍රියා විස්මිත වේ
යෙහෝවා දෙව් ඔබයි
විශ්වාසයෙන් බලා ඉමු අපි අනාගතේ
රාජ්‍ය තුළින් ගෙනෙනා සෑම ආශීර්වාදයන්
2. ඔබේ සේවකයන් වීම ගෞරවයකි
අවස්ථාවක් එය අපේ ප්‍රේමේ පෙන්වීමට
ඔබ දෙන ප්‍රඥාව සාමය ඉමහත්ය
අවබෝධ කර දෙන්නේ නිවැරදි මඟ
ගීතයන් අපේ කියයි හැඟුමන් මා සිතේ
පවුලේ නමස්කාරේදී ඔබේ බලය දැනේ
ජාති භාෂා භේද අභිභවා යන්නේ අපි
සහෝදරත්වය අපේ මහත් සාක්ෂියකි
(අනුපදය)
ඔබේ රාජ්‍ය මඟින්
කළ ක්‍රියා විස්මිත වේ
යෙහෝවා දෙව් ඔබයි
විශ්වාසයෙන් බලා ඉමු අපි අනාගතේ
රාජ්‍ය තුළින් ගෙනෙනා සෑම ආශීර්වාදයන්