දෙමි මා සතු සැම දේ
1. යෙහෝවා දෙව්නි දෙන්නෙමි මා සතු සෑම දේ
දිවි හිමියෙන් මා ඔබට පුදමි ආදරේ
කියා දෙමි මා දෙව් ඔබගේ සත්‍ය වදනෙන්
එයයි මා ජීවිතේ එකම සතුට වන්නේ
(පෙර අනුපදය)
දේශනා සේවයෙන් සවිමත් වේ හදේ විශ්වාසේ
කැප වීම සිහි කරමි මා සෑම දිනේ
(අනුපදය)
ඔබේ ප්‍රශංසාවයි පැතුම මගේ
කරන්නෙමි සේවේ මා සෑම දිනේ
ඔබේ සතුට වේ සතුට මගේ
දෙවි පියාණෙනි ඔබටයි මා ආදරේ
2. පෙන්වමි මාගේ ආදරේ සොයුරන්ටද
සේවයයි වටින්නේ මට අන් සැමට වඩා
අවංක දනන්ගේ සිතට සහනේ දෙන
දෙව් පුවත කියද්දී දැනෙන්නේ සතුටක් මට
(පෙර අනුපදය)
දේශනා සේවයෙන් සවිමත් වේ හදේ විශ්වාසේ
කැප වීම සිහි කරමි මා සෑම දිනේ
(අනුපදය)
ඔබේ ප්‍රශංසාවයි පැතුම මගේ
කරන්නෙමි සේවේ මා සෑම දිනේ
ඔබේ සතුට වේ සතුට මගේ
දෙවි පියාණෙනි ඔබටයි මා ආදරේ
(අනුපදය)
ඔබේ ප්‍රශංසාවයි පැතුම මගේ
කරන්නෙමි සේවේ මා සෑම දිනේ
ඔබේ සතුට වේ සතුට මගේ
දෙවි පියාණෙනි ඔබටයි මා ආදරේ