නැවතී, සිතා යාච්ඤා කරමු
1. ජීවිතේ පීඩාවන් හමුවේ
නොසැලී ඉන්නට සවියක් මට නෑ
කළමුත් මිතුරන් හිරිහැර
දෙවිඳුන්ට කියමු
නිහඬව
(අනුපදය)
දෙව් කෙරේ විශ්වාසේ
තබමු නැවතිලා
සිතමු, කරමු
හැමදාමත් යාච්ඤා
විඩාවක් දැනුණත්
ළඟමයි දෙව් යෙහෝවා
මඟ පෙන්වන්නා ඔහුමයි
නැවතීලා සිතා
කරමු යාච්ඤා
දෙව් තුටු කර
2. සෑමදා ගැටලු වැඩිවේ
දිවි බර වැඩියි උසුලන් කෙලෙසේ
එනමුත් සතුටින් හිනැහෙන්නේ
සැමටම කරලා
යහපත
(අනුපදය)
කවදා හෝ එපා
සැකයක් දෙව් යෙහෝවා
ළඟම ඉන්නවා
පැහැදිලියි මඟ
පෙනේවි හොඳින්ම
යෙහෝවා දෙව් වේ සවිය
දුර්වලයින්ට සෑමදා
යාච්ඤාවෙන් කියන්
දෙව් තුටු කර
දෙව් මඟ පෙන්වයි
(අනුපදය)
විශ්වාසයි දෙව් යෙහෝවා
ළඟම ඉන්නවා
පැහැදිලියි මඟ
පෙනේවි හොඳින්ම
යෙහෝවා දෙව් වේ සවිය
දුර්වලයින්ට සෑමදා
යාච්ඤාවෙන් කියන්
දෙව් තුටු කර
තුති දී සදා