Skip to content

පටුනට යන්න

මම හැමදාම යෙහෝවා දෙවිගේයි

මම හැමදාම යෙහෝවා දෙවිගේයි
  1. 1. දකින්නට හැකි නම් අනාගතේ මා කරන දේ

    යා යුතු හරි මඟේදෝ මා පියවර නඟන්නේ

    නිසැකයි මොන දේ වූවත් හෙට දිනේ

    මා දෙවි යෙහෝවාගේමයි සැමදා

    (අනුපදය)

    කළද ජීවිතේදී ඕනෑම දෙයක් මා

    හොඳම දේ නම් දෙවි යෙහෝවාට

    රිසි ලෙස ජීවත් වීමයි සදාකාලේටම

    මා සතු හැම දේම මට දුන්නේ ඔහුමයි

    මා සුරකින්න ඔහු මා ළඟමයි

    පියවර මා තබන්නේ ඔහු හා සැමදා

  2. 2. විටෙක මා පෙලඹේ යන්නට වැරදි මාවතේ

    එමඟ යෙහෝවාගෙන් දුර ඈතට මා ගෙන යන්නේ

    රඳවම් සදා වූ කැප වීම හදේ

    විශ්වාසේ බොඳ නොවේවි කිසිදා

    (අනුපදය)

    කළද ජීවිතේදී ඕනෑම දෙයක් මා

    හොඳම දේ නම් දෙවි යෙහෝවාට

    රිසි ලෙස ජීවත් වීමයි සදාකාලේටම

    මා සතු හැම දේම මට දුන්නේ ඔහුමයි

    මා සුරකින්න ඔහු මා ළඟමයි

    පියවර මා තබන්නේ ඔහු හා සැමදා

    (අතුරුපදය)

    මා ගොඩනැඟුවොත් යෙහෝවා දෙව් හා

    ඒ අනාගතේට මගේ නිමාවක් නෑ

    දෙවි කැමති සේ මා දිවි ගෙව්වොතින්

    මට ලැබෙන්නේ ඒ සදාකල් ජීවනේ

    (අනුපදය)

    කළද ජීවිතේදී ඕනෑම දෙයක් මා

    හොඳම දේ නම් දෙවි යෙහෝවාට

    රිසි ලෙස ජීවත් වීමයි සදාකාලේටම

    මා සතු හැම දේම මට දුන්නේ ඔහුමයි

    මා සුරකින්න ඔහු මා ළඟමයි

    පියවර මා තබන්නේ ඔහු හා සැමදා

    පියවර මා තබන්නේ ඔහු හා සැමදා