Skip to content

පටුනට යන්න

සේවයේ නව පිටුවක්

සේවයේ නව පිටුවක්
  1. 1. කාලයක් පුරාම

    මාගේ සේවේ

    එකම රටාවයි

    දැන් නම් මට සිතෙන්නේ

    ඒත් මහන්සි වීලා මා දුන්නොත් කාලේ

    වැඩි සේවයක් කරන්නට

    පුළුවනි මට

    (අනුපදය)

    නව පිටුවකි මාගේ සේවයේ

    අද සිටම මා පෙරළන්නේ

    යෙහෝවා දෙව්නි උදව්වෙන් ඔබේ

    වෙනස් කරගන්න පුළුවනි දැන්

  2. 2. මාගේ බිය සැක

    අත්හැරලා

    දේශනා කරන්න

    නව ක්‍රම සෙවූ නිසා

    ලබමි සතුට දැන් මා සේවයෙන්

    ඇයි දෝ මා කලින් නොසිතුවේ

    වැඩි කරන්න සේවේ

    (අනුපදය)

    නව පිටුවකි මගේ සේවයේ

    අද සිටම මා පෙරළන්නේ

    යෙහෝවා දෙව්නි උදව්වෙන් ඔබේ

    වෙනස් කරගන්න පුළුවනි දැන්

    (අතුරුපදය)

    මං ඉස්සර හිතුවේ

    මට නම් බෑ කියාමයි

    ඇයි දෝ මට සිතුණේ

    හිතාගන්න බෑ

    ඒත් දැන් නම් ආශීර්වාද

    බොහෝමයි නොසිතූ සේ

    ස්ථිරයි හෙට දිනයේ

    තව තවත් ලැබේ

    (අනුපදය)

    හැම දවසම කැප වී මම

    වැඩි කළෙමි මගේ සේවය

    දෙව්නි ඔබගේ ආශීර්වාදය

    ලැබුණි මා පෙන්නූ ඒ විශ්වාසයට

    (අනුපදය)

    සේවේ වෙනුවෙන් මා පරිත්‍යාගයන්

    කරමි මම සතුටු සිතින්

    පියාණෙනි මා තේරුම්ගත්තෙමි

    මා කළ යුතු දේ

    (අනුපදය)

    නව පිටුවකි මගේ සේවයේ

    අද සිටම මා පෙරළන්නේ

    යෙහෝවා දෙව්නි උදව්වෙන් ඔබේ

    වෙනස් කරගන්න පුළුවනි දැන්

    පුළුවන් මට