Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයාගේ සහෝදරයා වෙනුවෙනුත් යේසුස් දිවි පිදුවා කියලා අමතක කරන්න එපා

ඔයාගේ සහෝදරයා වෙනුවෙනුත් යේසුස් දිවි පිදුවා කියලා අමතක කරන්න එපා

යේසුස් ජීවිතය පූජා කළේ පව්කාරකම උරුම කරගෙන ඉන්න අපි හැමෝම වෙනුවෙන්. (රෝම 5:8) තමන්ගේ ජීවිතය දෙන්න තරම් යේසුස් අපිට ආදරේ කරපු එක ගැන අපි කොයි තරම් සතුටු වෙනවාද! හැබැයි සමහර අවස්ථාවලදී අපිට අමතක වෙන්න පුළුවන් අපි වෙනුවෙන් වගේම අපේ සහෝදරයා වෙනුවෙනුත් යේසුස් ජීවිතය පූජා කළා කියලා. අපේ සහෝදර සහෝදරියන්ට යේසුස් පෙන්වලා තියෙනවා වගේ ආදරයක් පෙන්වන්න අපිට පුළුවන් කොහොමද? අපිට වඩා වෙනස් පසුබිමක් තියෙන අයවත් අපේ යාළුවන් කරගන්න ඕනේ. (රෝම 15:7; 2කොරි 6:12, 13) අනිත් අයව අපහසුතාවට පත් වෙන විදිහට දේවල් කරන කියන එකෙන් වළකින්නත් ඕනේ. (රෝම 14:13-15) ඒ වගේම කෙනෙක් අපිට විරුද්ධව යම් වරදක් කළොත් අපි ඉක්මනින්ම එයාට සමාව දෙන්න ඕනේ. (ලූක් 17:3, 4; 23:34) ඒ විදිහට අපි යේසුස්ව අනුගමනය කරද්දී සභාවේ සාමයත් එකමුතුකමත් රැකගන්න යෙහෝවා දෙවි උදව් කරයි.

‘ඔයාගේ ගතිගුණ තවත් ලස්සන කරගන්න!’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සභාවේ අය ගැන මිකීට මුලින්ම හැඟුණේ කොහොමද?

  • ඒක වෙනස් වුණේ ඇයි?

  • හරි විදිහට හිතන්න යේසුස්ගේ ආදර්ශය මිකීට උදව් වුණේ කොහොමද? (මාක් 14:38)

  • සහෝදරයන්ගේ හොඳ පැති දකින්න හිතෝපදේශ 19:11 උදව් වෙන්නේ කොහොමද?