Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෙරෙමියා 25-28

යෙරෙමියා වගේ නිර්භීත වෙන්න

යෙරෙමියා වගේ නිර්භීත වෙන්න

ෂීලෝ නගරය වගේ යෙරුසලමත් විනාශ වෙනවා කියලා යෙරෙමියා අනතුරු ඇඟෙව්වා

26:6

  • යෙහෝවා දෙවි සෙනඟ එක්ක ඉන්න බව නියෝජනය වුණු ගිවිසුම් පෙට්ටිය කාලයක් ෂීලෝවලත් තිබුණා

  • ගිවිසුම් පෙට්ටිය පැහැරගන්න යෙහෝවා දෙවි පිලිස්තිවරුන්ට ඉඩහැරියා. ඒක ආයේ කවදාවත් ෂීලෝවලට අරන් ආවේ නැහැ

පූජකයන්, අනාගතවක්තෘවරුන් වගේම සෙනඟත් යෙරෙමියාව මරනවා කියලා තර්ජනය කළා

26:8, 9, 12, 13

  • යෙරුසලමත් දේවමාලිගාවත් විනාශ වෙනවා කියලා යෙරෙමියා කියද්දී සෙනඟ එයාව අල්ලගත්තා

  • යෙරෙමියා පැවරුම දාලා ගියේ නැහැ

යෙහෝවා දෙවි යෙරෙමියාව ආරක්ෂා කළා

26:16, 24

  • යෙරෙමියා දිගටම නිර්භීතව හිටිය නිසා යෙහෝවා දෙවි එයාව අත්හැරියේ නැහැ

  • යෙරෙමියාව ආරක්ෂා කරන්න යෙහෝවා දෙවි නිර්භීතව වැඩ කරපු අහිකාම්ව පෙලඹුවා

යෙහෝවා දෙවිගේ උදව්වත් දිරිගැන්වීමත් නිසා යෙරෙමියාට පුළුවන් වුණා මිනිසුන් අහන්න කැමති නැති පණිවිඩයක් අවුරුදු 40ක් පුරා කියන්න