යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සිතට දිරි දෙන ගීතිකා
හිරේ ඉද්දී පාවුලුයි සීලසුයි දෙවිට ප්‍රශංසා ගී ගැයුවා. (ක්‍රියා 16:25) නාට්සි පාලන කාලයේ සාක්සන්හවුසන් ගාල් කඳවුරේ හිටපු සාක්ෂිකරුවනුත් සයිබීරියාවේ වහල්භාවයේ හිටපු සාක්ෂිකරුවනුත් ගීතිකා කිව්වා. පීඩාවලට මුහුණ දෙද්දී ගීතිකාවලින් හිතට මොන තරම් දිරියක් ලැබෙනවද කියලා ඒ උදාහරණවලින් පැහැදිලියි.
‘ප්‍රීතිමත් හඬින් ගයමු’ කියන අලුත් ගීතිකා පොත තවත් භාෂා ගණනාවකින් ළඟදීම නිකුත් කරනවා. අපිටත් පොතක් ලැබුණම පවුලේ නමස්කාරයේදී ඒවාට පුරුදු වෙමු. ඒ පදමාලා මතක තියාගන්න ඒක උදව් වෙයි. (එෆී 5:19) එතකොට පීඩාවකට මුහුණ දෙන්න වෙද්දී ඒ වචන මතකයට නඟාගන්න දෙවි අපිට උදව් කරයි. පීඩාවලදී ඒක අපිට ලොකු දිරියක් වෙයි. අපි සතුටින් ඉන්න අවස්ථාවලදීත් ගීතිකාවලින් අපි ලොකු දිරියක් ලබනවා. ඔව්, අපි ‘ප්‍රීතිමත් හඬින්’ ගයන ගීතිකා අපේ බලාපොරොත්තුව ගැන නිතරම මනසේ තියාගන්න අපිට උදව් වෙනවා. (1ලේක 15:16; ගීතා 33:1-3) ඒ නිසා අපිට ලැබෙන අලුත් ගීතිකාවලට හොඳින් හුරු වෙන්න උත්සාහ කරමු.
‘සිරකරුවන්ට දිරි දුන් ගීතිකාවක්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:
-
ගීතිකාවක් නිර්මාණය කරන්න සහෝදර ෆ්රොස්ට් පෙලඹුණේ මොන හේතු නිසාද?
-
සාක්සන්හවුසන් ගාල් කඳවුරේ හිටිය සහෝදරයන්ට ඒ ගීතිකාව දිරියක් වුණේ කොහොමද?
-
එදිනෙදා ජීවිතයේදී ඔයාට ගීතිකා ශක්තියක් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?
-
ඔයා කටපාඩම් කරන්න ආස මොන ගීතිකාද?