Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආදරයෙන් පිළිගන්න

ආදරයෙන් පිළිගන්න

අලුත් කෙනෙක් වුණත් කාලයක් තිස්සේ එන කෙනෙක් වුණත් රැස්වීම්වලට එන හැමෝවම අපි ආදරෙන් පිළිගන්නවා. (රෝම 15:7; හෙබ්‍රෙ 13:2) සමහරවිට ඒ කෙනා වෙන රටකින් ආපු සහෝදරයෙක් වෙන්න පුළුවන්. නැත්නම් කාලෙකට පස්සේ එන අක්‍රියාශීලී ප්‍රචාරකයෙක් වෙන්න පුළුවන්. හිතන්න ඒ ඔයා කියලා. සභාවේ අය ඔයාව ආදරෙන් පිළිගද්දී ඔයාට කොහොම දැනෙයිද? (මතෙ 7:12) ඒ නිසා රැස්වීමට කලිනුත් පස්සෙත් අනිත් අය එක්ක කතා කරන්න. එතකොට මුළු සභාවම ආදරෙන් පිරුණු තැනක් වෙයි. ඒකෙන් ගෞරවය ලැබෙන්නේ යෙහෝවා දෙවිට. (මතෙ 5:16) රැස්වීමට එන හැමෝම එක්ක කතා කරන්න බැරි වුණත් අපි හැමෝම පුළුවන් විදිහට අනිත් අයත් එක්ක කතා කළොත් එන හැමෝටම ලොකු සතුටක් දැනෙයි. *

සිහි කිරීම වගේ විශේෂ අවස්ථාවලදී විතරක් නෙමෙයි හැම වෙලාවකදීම අපි අනිත් අයව ආදරෙන් පිළිගන්න ඕනේ. අලුත් අය ඒක අද්දැක්කාම එයාලත් අපි එක්ක දෙවිට නමස්කාර කරන්න, දෙවිට ප්‍රශංසා කරන්න පෙලඹෙයි.—යොහ 13:35.

^ 3 ඡේ. රැස්වීමට සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු නැත්නම් කැමැත්තෙන් ඉවත් වුණු කෙනෙක් ආවොත් අපි ඒ කෙනාට ආචාර කරන්නේ නැහැ. ඒක බයිබල් ප්‍රතිපත්තියක්.—1කොරි 5:11; 2යොහ 10.