Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෙරෙමියා 17-21

ඔයා හිතන විදිහත් හැසිරෙන විදිහත් සකස් කරන්න දෙවිට ඉඩ දෙන්න

ඔයා හිතන විදිහත් හැසිරෙන විදිහත් සකස් කරන්න දෙවිට ඉඩ දෙන්න

යෙහෝවා දෙවි ඔයාව සකස් කරද්දී කැමැත්තෙන්ම ඉඩ දෙන්න

18:1-11

  • යෙහෝවා දෙවි උපදෙස්, හික්මවීම් දීලා අපේ ගතිලක්ෂණ ඔහු කැමති විදිහට සකස් කරනවා

  • අපි දෙවිට කීකරු, ඔහුට සකස් කරන්න පුළුවන් අය වෙන්න ඕනේ

  • අපි අකමැති දෙයක් කරන්න කියලා දෙවි අපිට කවදාවත් බල කරන්නේ නැහැ

හදමින් ඉන්න භාජනයේ හැඩය වෙනස් කරන්න කුඹල්කරුට පුළුවන්

  • යෙහෝවා දෙවි තීරණ ගැනීමේ නිදහස අපිට දීලා තියෙන නිසා ඔහු සකස් කිරීම් කරද්දී ඒකට ඉඩ දෙනවද නැද්ද කියලා තීරණය කරන්න අපිට පුළුවන්

  • මිනිසුන් දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්නවද නැද්ද කියන කාරණය අනුව දෙවි එයාලා එක්ක කටයුතු කරන විදිහ වෙනස් කරනවා

යෙහෝවා දෙවි මාව මොන පැතිවලින් සකස් කරනවටද මං කැමති?