Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

ප්‍රශ්නය: අද්භූත, අසාමාන්‍ය බලයක් තියෙන චරිත ඇතුළත් නාට්‍ය, චිත්‍රපටි අද හුඟක් තියෙනවා. ඒවා බලන්නේ විනෝදයට විතරක් නිසා ඒවායින් හානියක් නැද්ද? එහෙමත් නැත්නම් අපි නොදන්න අනතුරක් ඒවායේ හැංගිලා තියෙනවද?

ඉදිරිපත් කිරීම: අද්භූත, අසාමාන්‍ය බලයන්වලට මිනිසුන් මෙච්චර ආස ඇයි කියලත් ඒවා පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලත් මේ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

ප්‍රශ්නය: දේවරාජ්‍යයෙන් මේ ලෝකේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳන්නේ කොහොමද?

බයිබල් පදය: මතෙ 6:10

බයිබලයේ කියන්නේ: දේවරාජ්‍යයෙන් ස්වර්ගයේ සාමය, සුරක්ෂිතභාවය ඇති කළා වගේ මේ පොළොවෙත් සාමය, සුරක්ෂිතභාවය ඇති කරනවා.

‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ (නැවත බැලීම)

ප්‍රශ්නය: [පත්‍රිකාව පිටුපස තියෙන මේ ප්‍රශ්නය පෙන්වන්න.] දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලෙදී ජීවත් වෙන්න ලැබෙන එක මොන වගේ අද්දැකීමක් වෙයිද?

බයිබල් පද: ගීතා 37:29; යෙසා 65:21-23

ඉදිරිපත් කිරීම: [‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව පෙන්වන්න.] ඒ බයිබල් පදවල දීලා තියෙන පොරොන්දු ඉටු වෙද්දී ඒක අපිට බලපාන්නේ කොහොමද කියලා 7වෙනි පාඩමේ තියෙනවා. [සඟරාව යොදාගෙන බයිබල් පාඩමක් පටන්ගන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.