ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2018 අප්‍රියෙල්
සාකච්ඡාවකට යෝජනා
ජීවිතය සතුටින් ගෙවන්න බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙන විදිහ ගැන දැනගන්න.
දේවවචනය නිධානයක්
පාස්කුවත් යේසුස්ගේ මරණය සිහි කිරීමත් අතර තියෙන සමානකම් සහ අසමානකම්
පාස්කුව කියන්නේ යේසුස්ගේ මරණය සිහි කිරීමේ පෙරඡායාවක් නෙවෙයි. පාස්කුවේදී පාවිච්චි කරපු සමහර දේවලින් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
දේවවචනය නිධානයක්
මාගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න
මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරනවා කියන්නේ යේසුස් අණ කරපු හැම දේම එයාලට උගන්වන එකයි. යේසුස් උගන්වපු දේවල් අදාළ කරගන්න, යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න ශිෂ්‍යයන්ට උගන්වන එකත් ඒකට ඇතුළත්.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න නම් අනිවාර්යයෙන්ම දේශනා කරන්නත් උගන්වන්නත් ඕනේ
ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න කියලා යේසුස් කිව්වා. ඒකට ඇතුළත් වෙන්නේ මොනවාද? දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මිනිසුන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
දේවවචනය නිධානයක්
“ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”
මාක් 2:5-12 සඳහන් ආශ්චර්යයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අසනීප වෙලා ඉද්දී ඒක විඳදරාගන්න ඒ පදවල තියෙන දේ අපිට උදව් වෙන්නේ කොහොමද?
දේවවචනය නිධානයක්
සබත් දවසේදී කෙනෙක්ව සුව කිරීම
යුදෙව් ආගමික නායකයන්ගේ ආකල්ප ගැන යේසුස් හුඟක් දුක් වුණේ ඇයි? යේසුස් වගේ අපිත් අනුකම්පාවෙන් කටයුතු කරනවාද කියලා තේරුම්ගන්න උදව් වෙන ප්‍රශ්න මොනවාද?
දේවවචනය නිධානයක්
මිය ගිය අයව නැවත නැඟිටුවන්න යේසුස්ට බලය තියෙනවා
බයිබලේ සඳහන් වෙලා තියෙන නැවත නැඟිටුවීම් සම්බන්ධ වාර්තා ගැන හොඳට හිතද්දී නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් වෙනවා.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න
දක්ෂ විදිහට උගන්වන්න නම් ඉගැන්වීම් කට්ටලය හොඳින් පාවිච්චි කරන්න ඉගෙනගන්න ඕනේ. ඒකේ තියෙන වැදගත්ම දේ මොකක්ද? ඉගැන්වීම් කට්ටලය හොඳින් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?