Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | මාක් 3-4

සබත් දවසේදී කෙනෙක්ව සුව කිරීම

සබත් දවසේදී කෙනෙක්ව සුව කිරීම

3:1-5

යුදෙව් ආගමික නායකයන්ගේ ආකල්ප ගැන යේසුස් හුඟක් දුක් වුණේ ඇයි? එයාලා සබත් දවසට අදාළ හැම කාරණාවකටම එක එක නීතිරීති දාලා මිනිසුන්ට අනවශ්‍ය බරක් පැටෙව්වා. උදාහරණෙකට සබත් දවසේ මැක්කෙක්ව මරන එක එයාලා තහනම් කළා. සබත් දවසේදී කෙනෙක්ට වෙදකම් කරන්න පුළුවන් වුණේ ඒ කෙනාගේ ජීවිතය අනතුරේ තිබුණා නම් විතරයි. ඒ කියන්නේ බිඳුණු අස්ථියක් හදන එක, උළුක්කුවකට බෙහෙත් බඳින එක වගේ දේවල් වැරදියි කියලයි එයාලා හිතුවේ. ඒ දේවල්වලින් පැහැදිලි වෙනවා ආගමික නායකයන් අතක් පණ නැති මිනිසා ගැන පොඩ්ඩක්වත් සැලකිලිමත් වුණේ නැහැ කියලා.