යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න
මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන වැඩේ දක්ෂ විදිහට කරන්න නම් අපි අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න ඉගෙනගන්න ඕනේ. විශේෂයෙන්ම ඒකේ තියෙන වැදගත්ම දේ වන බයිබලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න අපි පුහුණු වෙන්න ඕනේ. (2තිමෝ 2:15) ඒ වගේම ඒකේ තියෙන වෙනත් ප්‍රකාශනත් වීඩියෝත් දක්ෂ විදිහට පාවිච්චි කරන්න ඕනේ. අපි ඒ හැම දෙයක්ම කරන්නේ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන අරමුණින් කියලා අමතක කරන්න එපා. *
ඉගැන්වීම් කට්ටලය තවත් දක්ෂ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? (1) ක්ෂේත්‍ර සේවා කණ්ඩායම භාර වැඩිමහල්ලාගෙන් උදව් ගන්න. (2) දක්ෂ ප්‍රචාරකයෙක් එක්ක, පුරෝගාමියෙක් එක්ක සේවයේ යන්න. (3) දිගටම පෙරහුරු කරන්න. දක්ෂ විදිහට ඉගැන්වීම් කට්ටලය පාවිච්චි කරන්න ඉගෙනගත්තාම ඔයාට ලොකු සතුටක් දැනෙයි.
‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’
සඟරා
පොත්
පත්‍රිකා
වීඩියෝ
ආරාධනා පත්‍ර
කන්ටැක්ට් කාඩ්
^ 3 ඡේ. තෝරාගත් විශේෂ පිරිසක් වෙනුවෙන් සකස් කරපු ප්‍රකාශන කීපයක් ඉගැන්වීම් කට්ටලයට ඇතුළත් කරලා නැහැ. ඒත් සුදුසු අවස්ථාවලදී ඒවා පාවිච්චි කරන්න පුළුවන්.