යහපත් ක්‍රිස්තියානීන් වෙමු
මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න නම් අනිවාර්යයෙන්ම දේශනා කරන්නත් උගන්වන්නත් ඕනේ
යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට අණ කළා මිනිසුන්ට තමන්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලා. (මතෙ 28:19) ඒ කාර්යයට දේශනා කරන එක වගේම උගන්වන එකත් ඇතුළත්. ඒ නිසා ‘දේශනා කරන කාර්යය සහ උගන්වන කාර්යය තවත් හොඳින් කරන්න මට පුළුවන් කොහොමද’ කියලා අපි හැමෝම විටින් විට හිතලා බලමු.
දේශනා කරන්න
මිනිසුන් අපි ළඟට එන කල් බලාගෙන ඉන්නවා වෙනුවට අපි “සුදුස්සන්ව” හොයාගෙන යන්න ඕනේ. (මතෙ 10:11) සේවයේ හවුල් වෙද්දී ඕනම තැනක ඕනම කෙනෙකුට සාක්ෂි දරන්න අපි සූදානමින් ඉන්නවාද? (ක්‍රියා 17:17) ලිදියාට යේසුස්ගේ ගෝලයෙක් වෙන්න පුළුවන් වුණේ නියෝජිත පාවුල් උද්යෝගයෙන් දේශනා කරපු නිසයි.—ක්‍රියා 16:13-15.
‘“නතර කරන්නේ නැතුව” දිගටම දේශනා කරන්න - අවිධිමත්ව හා ගෙයින් ගෙට’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
එදිනෙදා මුණගැහෙන අයගේ හිත්වල සත්‍යය කියන බීජය පැළ කරන්න සැමුවෙල් කොයි වෙලෙත් සූදානමින් හිටියා කියලා කියන්න පුළුවන් ඇයි?
-
දේශනා සේවයට අයිති හැම අංගයකම අපි දිගටම හවුල් වෙන්න ඕනෙ ඇයි?
-
එදිනෙදා ජීවිතේදී ඔයාට ශුභාරංචිය ගැන කතා කරන්න පුළුවන් කාත් එක්කද?
උගන්වන්න
මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න නම් අපි අපේ ප්‍රකාශන දීලා එන එක විතරක් මදි. නැවත බැලීම් කරන්නත් බයිබල් පාඩම් පවත්වන්නත් ඕනේ. (1කොරි 3:6-9) ඒත් අපි කෙනෙක්ට සත්‍යය ගැන උගන්වන්න කොයි තරම් වෑයම් කළත් ඒකෙන් ඒ තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් මොනවාද කරන්න පුළුවන්? (මතෙ 13:19-22) අපි ‘සරු පසක්’ හා සමාන හදවත් තියෙන අයව හොයන්න දිගටම වෑයම් කරන්න ඕනේ.—මතෙ 13:23; ක්‍රියා 13:48.
‘“නතර කරන්නේ නැතුව” දිගටම දේශනා කරන්න - පොදු ස්ථානවල හා නැවත බැලීම් සහ බයිබල් පාඩම්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
එසකියෙල්ගේ සහ ඇබීගේ හිත්වල පැළ වෙලා තිබුණ සත්‍යය කියන බීජයට සොලමන් සහ මේරි වතුර වත් කළේ කොහොමද?
-
පොදු සේවය ඇතුළු දේශනා සේවයේ හැම අංගයකම හවුල් වෙද්දී අපිට තියෙන්න ඕන අරමුණ මොකක්ද?
-
අනිත් අයට සත්‍යය උගන්වන කාර්යයට තවත් වැඩියෙන් හවුල් වෙන්න අපිට පුළුවන් කොහොමද?