Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - ආත්මාර්ථකාමී වෙන්න හා කෝප වෙන්න එපා

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - ආත්මාර්ථකාමී වෙන්න හා කෝප වෙන්න එපා

ඒක වැදගත් ඇයි? යේසුස් කිව්වේ තම අනුගාමිකයන්ව හඳුනාගන්න පුළුවන් ගුණාංගය ප්‍රේමය කියලයි. (යොහ 13:34, 35) යේසුස් වගේ අනිත් අයට ආදරේ කරන්න නම් අනිත් අය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කේන්ති ගන්නත් හොඳ නැහැ.—1කොරි 13:5.

ඒක කරන්නේ කොහොමද?

  • කෙනෙක් කියපු, කරපු දෙයක් නිසා ඔයාගේ හිත රිදුණොත් ටිකකට හිතන්න එයා එහෙම කිව්වේ, කෙරුවේ ඇයි කියලා. ඔයා කේන්ති ගත්තොත් මොනවා වෙන්න පුළුවන්ද කියලත් හිතන්න.—හිතෝ 19:11

  • හැමෝම අසම්පූර්ණයි කියලත් අනිත් අයගේ හිත් රිදෙන දේවල් අපි අතිනුත් වෙනවා කියලත් අමතක කරන්න එපා

  • ප්‍රශ්නයක් ඇති වුණු ගමන්ම විසඳගන්න

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - ආත්මාර්ථකාමී වෙන්න හා කෝප වෙන්න එපා’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ටොම් යෝජනාවක් දුන්නාම ලැරී කළේ මොනවාද?

  • කේන්ති නොගෙන ඉන්න ටොම්ට උදව් වුණේ මොකක්ද?

  • ටොම් කේන්ති නොගෙන දීපු උත්තරේ නිසා ලැබුණු ප්‍රතිඵල මොනවාද?

කේන්ති යන දෙයක් වෙද්දීත් සන්සුන්ව වැඩ කරන එකෙන් සභාවේ අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද?