Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - එකමුතුකම රැකගන්න

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - එකමුතුකම රැකගන්න

ඒක වැදගත් ඇයි? මැරෙන්න කලින් රාත්‍රියේ යාච්ඤා කරද්දී යේසුස් කිව්වා ගෝලයන් අතරේ “සැබෑ සමඟියක් හා එකමුතුකමක්” දකින්න ලැබෙයි කියලා. (යොහ 17:23) දිගටම එකමුතුකම රැකගන්න නම් අපි ‘අමනාපයක් සිතේ’ තියාගන්නේ නැතුව ඉන්න ඕනේ.—1කොරි 13:5.

ඒක කරන්නේ කොහොමද?

  • යෙහෝවා දෙවි වගේ අනිත් අයගේ හොඳ පැති ගැන හිතන්න

  • කැමැත්තෙන්ම සමාව දෙන්න

  • වරදකට සමාව දුන්නාට පස්සේ ආපහු ඒක මතක් කරන්න එපා.—හිතෝ 17:9

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අමනාපය සිතේ තබාගන්න එපා’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • මුල් වීඩියෝ එකේදී හෙලන් ‘අමනාපයක් හිතේ’ තියන් හිටියා කියලා පැහැදිලි වුණේ කොහොමද?

  • දෙවෙනි වීඩියෝ එකේදී හෙලන් වැරදි සිතුවිලිවලට ඉඩ දෙනවා වෙනුවට හරි විදිහට හිතන්න පෙලඹුණේ කොහොමද?

  • අන්තිමේදී හෙලන් සභාවේ සාමයට දායක වුණේ කොහොමද?

අමනාපයක් හිතේ තියාගන්න එකෙන් වැඩියෙන්ම වේදනාවට පත් වෙන්නේ කවුද?