Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යොහන් 18-19

යේසුස් සත්‍යය ගැන සාක්ෂි දැරුවා

යේසුස් සත්‍යය ගැන සාක්ෂි දැරුවා

18:36-38අ

දෙවිගේ අරමුණුවලට සම්බන්ධ සත්‍යයන් ගැන යේසුස් සාක්ෂි දැරුවා

  • කතාවෙන්: යේසුස් ලොකු උද්‍යෝගයකින් දේවරාජ්‍යයට සම්බන්ධ සත්‍යයන් ගැන සාක්ෂි දැරුවා

  • ක්‍රියාවෙන්: යේසුස් ජීවත් වුණු විදිහෙන් දෙවි කියලා තිබුණු අනාවැකි ඉටු වුණා

යේසුස්ගේ අනුගාමිකයන් විදිහට අපිත් සත්‍යය ගැන සාක්ෂි දරනවා

  • කතාවෙන්: මිනිසුන් අපිට නින්දා, අපහාස කළත් ක්‍රිස්තුස් රජ හැටියට කටයුතු කරන දේවරාජ්‍යය ගැන අපි උද්‍යෝගයෙන් සාක්ෂි දරනවා

  • ක්‍රියාවෙන්: දේශපාලනයට සහ යුද්ධවලට සම්බන්ධ කිසිම දේකට හවුල් නොවී ඉන්න එකෙනුත් දෙවි කැමති විදිහට ජීවත් වෙන එකෙනුත් අපි පෙන්වන්නේ අපේ රජු විදිහට යේසුස්ව පිළි අරන් තියෙනවා කියන එකයි