Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - සත්‍යය ජය ගද්දී ප්‍රීති වෙන්න

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - සත්‍යය ජය ගද්දී ප්‍රීති වෙන්න

ඒක වැදගත් ඇයි? යේසුස් වගේ අපිත් දෙවිගේ අරමුණුවලට සම්බන්ධ සත්‍යයන් ගැන සාක්ෂි දරන්න ඕනේ. (යොහ 18:37) බොරුවෙන් පිරුණු අධර්මිෂ්ඨකම රජයන ලෝකයක ජීවත් වුණත් සත්‍යය ජය ගද්දී අපි ප්‍රීති වෙන්න ඕනේ. සත්‍යය ගැන කතා කරන්නත් සත්‍ය කාරණාවලට නිතරම මනස යොමු කරන්නත් ඕනේ.—1කොරි 13:6; ෆිලි 4:8.

ඒක කරන්නේ කොහොමද?

  • හානිකර ඕපාදූප පතුරුවන්නවත් ඒවාට ඇහුම්කන් දෙන්නවත් එපා.—1තෙස 4:11

  • කෙනෙක් කරදරේ වැටුණාම සතුටු වෙන්න එපා

  • දිරිගන්වනසුලු, යහපත් දේවල් ගැන සතුටු වෙන්න

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අධර්මිෂ්ඨ දේවල් ගැන නොව සත්‍යය ජය ගන්නා විට ප්‍රීති වෙන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඩෙබී “අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති” වුණා කියලා කියන්න පුළුවන් ඇයි?

  • ඩෙබී වැරදි දෙයක් ගැන කතා කරද්දී ඇලිස් කතාව හොඳ පැත්තට හැරෙව්වේ කොහොමද?

  • අපිට කතා කරන්න පුළුවන් යහපත් දේවල් මොනවාද?