යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දේවවචනය ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්න
දෙවියන්ගේ වචනයට පුළුවන් ජීවිත වෙනස් කරන්න. (හෙබ්‍රෙ 4:12) ඒත් බයිබලේ තියෙන උපදෙස් සහ මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගන්න නම් ඒක “දෙවිගෙන්ම ලැබුණු පණිවිඩයක්” කියලා අපි තහවුරු කරගන්න ඕනේ. (1තෙස 2:13) කොහොමද ඒක කරගන්නේ?
හැමදාම බයිබලෙන් කොටසක් කියවන්න. කියවද්දී ඒකේ තියෙන අදහස් යෙහෝවාගේ අදහස් කියලා කියන්න තියෙන සාක්ෂි හොයන්න. උදාහරණෙකට හිතෝපදේශ පොත කියවද්දී ඒකේ තියෙන උපදෙස් අදටත් ගැළපෙන විදිහ ගැන හොඳට හිතන්න.—හිතෝ 13:20; 14:30.
විෂයක් තෝරගෙන අධ්‍යයනය කරන්න. බයිබලේ ලියවුණේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් කියලා ඔප්පු කරන සාක්ෂි ගැන හොඳට දැනුවත් වෙන්න. ඒකට ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ “බයිබලය” කියන විෂය යටතේ “ලියවුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන්” කියන කොටස බලන්න. ඒ වගේම බයිබලේ තියෙන පණිවිඩය වෙනස් වෙලා නැහැ කියලා තේරුම්ගන්න 2016 අංක 4 ‘මුරටැඹ’ සඟරාවේ තොරතුරු බලන්න.
‘විශ්වාස කරන්නේ ඇයි? - දෙවියන්ගේ වචනය’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
ඊජිප්තුවේ කානාක්වල දේවාලයක බිත්තියේ කොටලා තිබුණ කැටයම්වලින් බයිබලේ තියෙන තොරතුරු ඇත්ත කියලා ඔප්පු වෙන්නේ කොහොමද?
-
බයිබලේ පණිවිඩය වෙනස් වෙලා නැහැ කියලා අපි දන්නේ කොහොමද?
-
බයිබලය මේ දක්වා ආරක්ෂා වෙලා තියෙන එකෙන් ඒක දෙවියන්ගේ වචනයමයි කියලා ඔප්පු වෙන්නේ කොහොමද?—යෙසායා 40:8 කියවන්න