යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ප්‍රශ්න ගැටලු මැදින් යෙහෝවා අපිව පරෙස්සමට ගෙනියනවා
අපි මේ ගෙවන්නේ ප්‍රශ්න ගැටලුවලින් පිරුණ අමාරු කාලයක්. සමහර වෙලාවට ‘තවත් නම් දරාගන්න බැහැ’ කියලා අපිට හිතෙනවා. ඒත් අපි යෙහෝවාට තව ළං වෙනවා නම් අමාරුම ප්‍රශ්නයක් වුණත් විඳදරාගන්න ඔහු අපිට උදව් කරනවා. (යෙසා 43:2, 4) යෙහෝවාට තව ළං වෙන්න අපිට මොනවාද කරන්න පුළුවන්?
යාච්ඤාව. අපේ හිතේ තියෙන හැම බරක්ම, කනස්සල්ලක්ම යෙහෝවාට කියද්දී ඔහු අපිව සන්සුන් කරලා ඒවා දරාගන්න ඕනෙ කරන ශක්තිය දෙනවා.—ෆිලි 4:6, 7; 1තෙස 5:17.
රැස්වීම්. රැස්වීම්වලින් යෙහෝවා ලබා දෙන පෝෂණයත් සහෝදර සහෝදරියන්ගේ ඇසුරත් වෙන කවදාකටත් වඩා අද අපිට ඕනේ. (හෙබ්‍රෙ 10:24, 25) යෙහෝවා ඔහුගේ බලය පාවිච්චි කරලා අපිට උදව් කරනවා. රැස්වීම්වලට හොඳින් ලෑස්ති වෙලා ගිහින් සහභාගි වෙද්දී අපි කරන්නේ ඒ උදව්වෙන් උපරිම ප්‍රයෝජන ගන්න එකයි.—එළි 2:29.
දේවසේවය. ප්‍රශ්න දිහා සුබවාදීව දකින්න අපිට ලේසි වෙන්නේ අපි සේවෙට වැඩි අවධානයක් දුන්නොත් විතරයි. සහෝදර සහෝදරියන් එක්ක විතරක් නෙමෙයි යෙහෝවා එක්කත් ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න ඒක උදව් වෙනවා.—1කොරි 3:5-10.
‘යෙහෝවා දෙවියන් මාව ඔහුගේ තුරුලට ගත්තා’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
ප්‍රශ්න එද්දී යෙහෝවාට ළං වෙලාම ඉන්න මලුට උදව් වුණේ මොකක්ද?
-
ප්‍රශ්නවලට මූණ දෙද්දී ගීතාවලිය 34:18 තියෙන වචන මලුට වගේ අපිටත් සහනයක් වෙන්නේ කොහොමද?
-
ප්‍රශ්නවලට මූණ දෙද්දී යෙහෝවා අපිට “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙනවා කියලා මලුගේ අද්දැකීමෙන් පේන්නේ කොහොමද?—2කොරි 4:7