Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දරුවාට හරි පාරේ යන්න බයිබල් ප්‍රතිපත්ති කියලා දෙන්න

දරුවාට හරි පාරේ යන්න බයිබල් ප්‍රතිපත්ති කියලා දෙන්න

දරුවන් සතුටින් හැමදාම යෙහෝවා දෙවියන්ට සේවය කරනවා දකින එකයි අම්මෙක්ගේ, තාත්තෙක්ගේ එකම පැතුම! එයාලව පුහුණු කරද්දී බයිබල් ප්‍රතිපත්ති පාවිච්චි කරන එක ඒ ආසාව ඉටු කරගන්න දෙමව්පියන්ට උදව් වෙයි. —හිතෝ 22:6.

  • හිතේ තියෙන දේවල් නිදහසේ කියන්න දරුවාට ඉඩ හදලා දෙන්න.—යාකො 1:19

  • ඔයාගේ ආදර්ශයෙන් උගන්නන්න.—ද්වි 6:6

  • අතපසු කරන්නේ නැතුව නමස්කාර කටයුතු කරන්න.—එෆී 6:4

‘කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න - හරි මාර්ගයේ යන්න දරුවාව පුහුණු කරන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • තමන් සාධාරණ අය කියලා දෙමව්පියන්ට පෙන්නන්න පුළුවන් කොහොමද?

  • දෙමව්පියන්ට කොහොමද පුළුවන් යාකොබ් 1:19 තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න?

  • ප්‍රශ්න එද්දී දෙමව්පියන්ට කරන්න පුළුවන් මොනවාද?