යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සිහි කිරීමේ කාලය වෙනුවෙන් ඉලක්ක තියාගන්න
හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරන්න අපි බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ජීවිත පූජාව කියන තෑග්ග දුන්න එක ගැන යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්නත් ප්‍රශංසා කරන්නත් සිහි කිරීමට කලින් සහ පස්සේ සතිවල අපි ලොකු වෑයමක් දරනවා. (එෆී 1:3, 7) උදාහරණෙකට පුළුවන් තරම් දෙනෙක්ව සිහි කිරීමට ආරාධනා කරන්න අපි මහන්සි වෙනවා. සමහර අය මාර්තු, අප්‍රියෙල් මාසවල පැය 30ක් හරි 50ක් හරි වෙන් කරලා සහායක පුරෝගාමී සේවය කරනවා. ඒ කාලයේදී වැඩිපුර සේවයක් කරන්න ඔයාත් කැමතිද? ඒක කරන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?
හොඳට සැලසුම් කෙරුවොත් වැඩිපුර දෙයක් කරන්න අපිට පුළුවන්. (හිතෝ 21:5) සිහි කිරීමට වැඩි කාලයක් නැති හින්දා දැන්ම ප්ලෑන් කරන්න. ඒ කාලේදී ඔයාට සේවේ වැඩි කරන්න පුළුවන් කොහොමද කියලා හිතලා බලන්න. ඒ වෙනුවෙන් දැන් කරන්න ඕනෙ මොනවාද කියලත් කල්පනා කරන්න. ඊටපස්සේ ඔයාගේ වෑයමට ආශීර්වාද කරන්න කියලා යෙහෝවාට කියන්න.—1යොහ 5:14, 15.
සිහි කිරීම කාලේදී ඔයාට සේවේ වැඩි කරන්න පුළුවන් කොයි පැතිවලින්ද?